lan englan tam

පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉටි පිළි රූ කෞතුකාගාරය ජනපති අනුර කුමාර අතින් විවෘත කෙරෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඇහැලේපොළ වලව්වේ ඉදිකළ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉටි පිළි රූ කෞතුකාගාරය අද (17) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් විවෘත කරනු ලැබුවා.

මෙම ඉටි පිළි රූ කෞතුකාගාරය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාරගේ සංකල්පයක් මත නිර්මාණය වූ අතර නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාවට පවරා දීමෙන් පසු, එහි පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකම් සුරක්ෂිත කර ගනිමින් මෙම කෞතුකාගාරය නිර්මාණය කර තිබෙනවා.

ඇහැලේපොළ වලව්ව අයත් කන්ද උඩරට රාජධානියේ ගෘහ නිර්මාණ ශිල්පය, චාරිත්‍රවාරිත්‍ර සහ කලා ශිල්ප ආදිය ඉටි ආශ්‍රයෙන් මෙහි ප්‍රතිනිර්මාණය කර තිබෙන අතර, පාරම්පරික කර්මාන්ත පිළිබඳ  ප්‍රදර්ශන කුටි මෙන්ම ඉපැරණි  භෝජනාගාරයක්ද ස්ථාපිත කර තිබෙනවා.

1592 සිට 1815 දක්වා වූ කන්ද උඩරට ඉතිහාසයේ රජවරු, සියම් දේශයෙන් මෙරට උපසම්පදාව ගෙනෙන ලද ප්‍රවර උපාලි හිමියෝ, මල්වතු අස්ගිරි උභය විහාරයන්හි මහා නායක ස්වාමීන් වහන්සේලා, වැලිවිටියේ සරණංකර සංඝරාජ හිමි ඇතුළුව කන්ද උඩරට සිවිල් පරිපාලනය, ඉංග්‍රීසි පාලන සමයේ චරිත ඇතුළු ඉතිහාසය නියෝජනය කරන චරිත තිස් හයකින් සමන්විත ඉටි පිළි රූ නිර්මාණය කොට ඇති අතර මෙම කෞතුකාගාරය මාස දාසයක් වැනි කෙටි කලකින් නිර්මාණය වූවක් වීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ ප්‍රෞඪත්වය සහ අභිමානය විදහා දැක්වෙන අයුරින් නිම කර ඇති මෙම කෞතුකාගාරය මහනුවරට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ මහත් ආකර්ෂණයට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එසේම, වර්තමාන පරපුරට උඩරට රාජධානිය සහ ඒ සමඟ බැඳුණු ඉතිහාසය නිවැරදිව අධ්‍යයනය කළ හැකි මධ්‍යස්ථානයක් බවටද මෙම කෞතුකාගාරය පත් වනු ඇත.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි අතුල හේරත් මහතා මෙහි නිර්මාණ ශිල්පියා වන අතර  ශ්‍රී දළදා මළිගාවේ ඇහැලේපොල වලව්ව කෞතුකාගාර විශේෂ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වූ මෙම කටයුත්ත සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300කි.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම යන ස්වාමීන් වහන්සේලා සහ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී යන ස්වාමින් වහන්සේලා ඇතුළු ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයීය ලේඛකාධිකාරී සහ කාරක සංඝ සභික මහා සංඝරත්නයද මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර, විවිධ ක්ෂේත්‍රයන්හි විද්වතුන් ඇතුළු ආරාධිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූවා.

 

519964705 1168621885309161 8105325263506522224 n

519427992 1168621951975821 7366693045150061157 n

518485286 1168622245309125 5039040526514432672 n

519923583 1168622458642437 8309638090140913679 n

Wax Museum Opening Ceremony Kandy 9 1536x1048

Wax Museum Opening Ceremony Kandy 6 1536x1082

Wax Museum Opening Ceremony Kandy 4 1536x1319

 

 

kemadasa

shungara

Back to top
Go to bottom