මෙරට ජනප්‍රිය යූ ටියුබ් හාස්‍යෝත්පාදක අන්තර්ගතයන් නිර්මාණකරුවන් දෙදෙනෙක් වන “ලකයි සිකයි” යන ජනප්‍රිය නාමයෙන් හැදින්වෙන,
ලක්මාල් වීරසිරි (ලකා) සහ ශාන් අරෝශ (සිකා) යන දෙදෙනාගේ ප්‍රථම සිනමා සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් "සුරදෙටුවෝ" සිනමාපටයේ මුහුරත් උළෙල ඊයේ (17) දිනයේ Waters edge හීදී පැවැත් වුනා.
මෙම නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ ලක්මාල් වීරසිරි (ලකා) විසින් වන අතර මෙහි තිර රචනය සුනෙත් මාලිංග ලොකුහේවා, ලක්මාල් වීරසිරි සහ ප්‍රියනාත් විදානපතිරණ යන තිදෙනා විසින්ම සිදු කොට තිබෙනවා.
"සුරදෙටුවෝ" සිනමාපටයේ නිෂ්පාදනය සුදේශ් මුතුනවගොන්න විසින් වන අතර නිර්මාණ සැලසුම් කරණය සුනෙත් මාලිංග ලොකුහේවා විසිනි.
පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ ඊයේ පැවැති මුහුරත් උළෙලේ වීඩියෝවක්>>




