lan englan tam

පුවත්

කොනී ෆ්‍රැන්සිස් : ජනප්‍රිය 'pretty little baby' ගීතයේ ගායිකාව දිවි ගමන නිම කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වරෙක ලොව වැඩිම ඉල්ලුමක් සහිත ගීත ඇල්බම් වල හිමිකාරිනියක වූ ඇමරිකානු පොප් ගායිකාවක් වූ කොනී ෆ්‍රැන්සිස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය යන විට ඇය 87 වන වියේ පසුවූවා.

Stupid Cupid, Who’s Sorry Now, Lipstick on Your Collar.. වැනි අතිශය ජනප්‍රිය ගීත ගායනා කළ ඇයගේ ගීතයක් වන ‘Pretty Little Baby' ගීතය පසුගිය කාලයේ tiktok සමාජ මාධ්‍ය හරහා නැවතත් viral වීමත් සමග ඇය පිළිබඳව නැවතත් ලොව පුරා අවධානයට ලක් වූවා.

ෆ්‍රැන්සිස් අස්ථි බිඳීමක් හේතුවෙන් ඇති වූ වේදනාව සඳහා මෑතකදී ප්‍රතිකාර ලබා තිබෙනවා. රෝහලේ රැඳී සිටියදී, ඇයට නියුමෝනියාව ඇති බව හඳුනාගෙන ඇති අතර පසුගිය බදාදා (16) ඇය මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

a8baaea0 62fd 11f0 b903 f515e3045d80.jpg

 

ෆ්‍රැන්සිස් උපත ලැබුවේ කොන්සෙටා රෝස්මරී ෆ්‍රැන්කොනෙරෝ ලෙස වන අතර නිව් යෝර්ක්හි බෘක්ලින්හි කම්කරු පන්තියේ ඉතාලි ඇමරිකානු පවුලක හැදී වැඩුණි.

ඇගේ උපන් නමට වඩා උච්චාරණය කිරීම පහසු බව පවසිමිනුයි ආතර් ගොඩ්ෆ්‍රේ විසින් "කොනී ෆ්‍රැන්සිස්" යන වේදිකා නාමය ඇයට භාවිත කර ඇත්තේ.

ෆ්‍රැන්සිස් නිළියක් ලෙස ද සාර්ථකත්වය අත්කර ගත් අතර, 1963 දී "Where the Boys Are" "Follow The Boys", 1964 දී "Looking For Love" සහ 1965 දී "When The Boys Meet The Girls" චිත්‍රපටවල රංගනයෙන් එක්වී තිබෙනවා. 

ඇය 1962 වර්ෂයේ ගායනා කළ ගීතයක් වන 'Pretty Little Baby' නැවතත් ලොව පුරා රසිකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව මාසයක් ඉක්ම යනවිට ඇය සමුගෙන ගොස් තිබෙනවා. 

 

kemadasa

shungara

Back to top
Go to bottom