lan englan tam

පුවත්

අනිල් කපූර් ශ්‍රී ලංකාවට පැමිණෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුප්‍රසිද්ධ ඉන්දීය නළුවෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ද වන අනිල් කපූර් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ ඊයේ (18) දිනයේ මුම්බායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් වන  අතර,

“අනිල් කපූර් සමඟ මුම්බායි සිට කොළඹ දක්වා පියාසර කිරීමට ලැබීම සතුටක්. ශ්‍රී ලංකන් ගුවන් සේවය තෝරා ගැනීම ගැන ඔබට ස්තූතියි!“ යනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය අනිල් කපූර්ගේ ඡායාරූපයක් සමග  පෝස්ටුවක් ද ඔවුන්ගේ සමාජ මාධ්‍ය හරහා පළ කර තිබෙනවා.

ජනප්‍රිය ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන හන්සාල් මෙහෙතාගේ නවතම චිත්‍රපටයක දර්ශනවලට පෙනී සිටීම සදහා මෙලෙස ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ඉන්දීය සිනමා වෙබ් අඩවියක් වාර්තා කර තිබු අතර එම චිත්‍රපටයේ රූගත කිරීම් මුම්බායි වල මෙන්ම ශ්‍රී ලංකා, සර්බියා, ජෝර්ජියාව යන රටවල ද සිදු කෙරෙන බව සදහන් වෙනවා.

kemadasa

shungara

Back to top
Go to bottom