lan englan tam

පුවත්

ඔස්කාර් සම්මාන හතක් දිනූ “Everything Everywhere All at Once” චිත්‍රපටය අද ITN එකෙන්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ස්වාධින රූපවාහිනී සේවයේ ( ITN) ‘Saturday Night Movie’ විශේෂාංගය තුළින් අද (19) විකාශය කෙරෙන්නේ 2022 වර්ෂයේ නිකුත් වූ “Everything Everywhere All at Once" යන ඇමරිකානු චිත්‍රපටයයි.

චිත්‍රපටය රාත්‍රී 10.30 විකාශය වීමට නියමිතයි.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ 'Daniels' සහෝදරවරුන් ලෙස හැදින්වෙන  Daniel Kwan සහ Daniel Scheinert යන ඇමරිකානු අධ්‍යක්ෂකවරුන් දෙපළ විසින්.

“Everything Everywhere All at Once" චිත්‍රපටය 2023 වර්ෂයේ 95 වන ඔස්කාර් සම්මාන උළෙලේ හොදම චිත්‍රපටය ඇතුළු සම්මාන හතක් දිනා ගැනීමට සමත් උනා ඒ අතරට ( හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම සහාය නළුවා, හොඳම සහය නිළිය, හොඳම මුල් තිර පිටපත, හොඳම චිත්‍රපට සංස්කරණය) යන සම්මාන ඇතුළත් වෙනවා.

මෙම චිත්‍රපටයේ කතා තේමාවත් විශේෂයි. බහු විශ්වයන් (Multiverse) හරහා ගමන් කළ හැකි ‘එව්ලින්’(Evelyn)  නම්  මැදි වියේ කාන්තාවක් පාදක කර ගෙන දිවෙන මෙම කථා මාලව හාස්‍ය- නාට්‍ය (comedy -drama) වැනි ශානරයක් යටතට ප්‍රධාන වශයෙන් ගත හැකි වුවත් විද්‍යා ප්‍රබන්ධ (Science Fiction), ක්‍රියාදාම ( action) වැනි ප්‍රවර්ග රැසක් යටතේ වර්ග කළ හැකි චිත්‍රපටයක් බව කිව යුතුයි.

එමෙන්ම මෙම සියළු ලක්ෂණ සහිතව මෙම චිත්‍රපටය අවසානයේ ජීවිතය පිළිබඳව යම් දාර්ශනික පැතිකඩක් අනාවරණය කරන චිත්‍රපටයක් ලෙස මෙන්ම වර්තමානයේ අප ගත කරන ජීවිත පිළිබඳව නැවත සිතා බලන්නට පොළඹවන අපූර්ව චිත්‍රපටයක් ලෙසද හැදින්විය හැකියි.

පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයයි.

 

kemadasa

shungara

Back to top
Go to bottom