lan englan tam

පුවත්

විදේශ අමාත්‍ය විජිත හේරත් සමග ඉන්දීය නළු රවි මෝහන් සහ ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස් හමුවක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (19) ජනප්‍රිය ඉන්දීය නළුවෙකු සහ නිෂ්පාදකයෙකු වන රවී මෝහන් සහ ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස් හමුවූවා.

ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේදීයි.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ චිත්‍රපට සංචාරක ව්‍යාපාරය නංවාලීම අරමුණු කර ගෙන කරුණු රැසක් සාකච්ඡාවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන සහ ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතිය ප්‍රවර්ධනය කරන චිත්‍රපට නිෂ්පාදනය ගැන මෙන්ම සංගීත ප්‍රසංග ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් වී තිබෙනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තිබෙන සිත් ඇදගන්නාසුළු ස්ථාන වෙත ආකර්ශනීය කතා සහ විදෙස් නිෂ්පාදන වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූවා.

මෙම අවස්ථාවට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව ඇතුළු පිරිසක් ද සහභාගී වූවා.

පහතින් දැක්වෙන්නේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.

 

518821193 1301304274687277 7569271155093980061 n

518412612 1301304411353930 5867380308589022577 n

518289554 1301304331353938 7242528026640340287 n

518252303 1301304491353922 7228575124939856228 n

 

(ඡායාරූප උපුටා ගැනීම 'Vijitha Herath' නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

 

kemadasa

shungara

Back to top
Go to bottom