සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සිය නවතම චිත්‍රපටය වන “King” චිත්‍රපටයේ රූගත කිරීම් අතර තුර අනතුරකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මුම්බායි හි චිත්‍රාගාරයක සිදුකරන ලද චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනයක් රූගත කරන අතර තුරයි මෙම අනතුර සිදුවී ඇත්තේ.
එයින් ඔහුගේ මාංශ පේශි ආබාධයකට ලක්ව තිබෙනබා.
ප්‍රතිකාර සදහා ඔහු ඇමරිකා එක්සත් ජනපදයට ගොස් තිබෙන අතර ඔහුගේ තත්වය බරපත නොවන බවත් ඔහුට මාසයක් පමණ විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබෙනවා.
ඉන් පසු නැවතත් ඔහුට සුපුරුදු පරිදි රූ ගත කිරීම් වලට සහභාගී විය හැකි බව සඳහන් කොට තිබෙනවා.
ශාරුක් ඛාන් ප්‍රධාන චරිතය නිරූපණය කරන “king” චිත්‍රපටය ලබන වසරේදී තිරගත වීමට නියමිත අතර ඊට අභිෂේක් බච්චන්, අනිල් කපූර්, දීපිකා පදුකෝන්, රාණි මුකර්ජි, ජැකී ශෙරෝෆ් ඇතුළු බොලිවුඩයේ ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක්ම රංගනයෙන් එක් වනවා.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සිද්ධර්ත් ආනන්ද් විසින්.




