lan englan tam

පුවත්

දෙවන ලෝක යුධ වීරයෙක් මෙන්ම ජනප්‍රිය TikTok තරුවක් වූ ‘Papa Jake’ දිවි ගමන නිම කරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දෙවන ලෝක යුධ වීරයෙක් මෙන්ම මෑත කාලිනව TikTok සමාජ මාධ්‍ය ජාලය හරහා එම අත්දැකීම් බෙදා ගනිමින් වඩාත් ජනප්‍රියත්වයට පත් 'Papa' Jake Larson ('පපා' ජේක් ලාර්සන්) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ මින්සෝටා ප්‍රාන්තයේ Owatonna හි උපත ලැබූ ලාර්සන්  මිය යන විට වයස අවුරුදු 102 ක්.

ඔහුගේ මිනිබිරිය මැකේලා ලාර්සන් සමාජ මාධ්‍ය හරහා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ඔහු ජූලි 17 වනදා මියගිය බවත් අවසන් මොහොත දක්වාම ඉතාම සතුටින් ඔහු ජීවත් වූ බවත්ය.

ලාර්සන්, 1944දී නාසි හමුදා වලට එරෙහිව, උතුරු ප්‍රංශයේදී පැවති 'D-Day' වෙරළ බැසීමේ මෙහෙයුමට සහභාගී වූ මිත්‍ර හමුදා සාමාජිකයෙක් වනවා.

ඔහු, Bulge සටනේදී ද එක්සත් ජනපද හමුදාව නියෝජනය කළ අතර, එවකට වයස අවුරුදු 19ක් වූ ඔහු උතුරු අයර්ලන්තයේ ලුර්ගන් නගරයේ ස්ථානගත වී සිට තිබෙනවා.

 250720 papa jake larson vl 1150a 2fc295

 

මෑත වසරවලදී ලාර්සන් TikTok හිදී Storytime with Papa Jake” නමින් සිය ජීවිත කතා සහ යුද්ධයේ අත්දැකීම් බෙදා ගනිමින් විශාල පිරිසක් අතර ඔහු ජනප්‍රියත්වයට පත් වූවා.

ඔහුගේ ගිණුම වටා එකතු වී සිටි අනුගාමිකයින් ගණන මිලියන 1.2 ට ආසන්නයි.

දෙවන ලෝක යුද්ධයේ විශේෂ මෙහෙයුමක් සිදුකළ "D-Day" නමින් හඳුන්වන දිනයෙ හි 80 වන සංවත්සරය සනිටුහන් කරමින් බ්‍රිතාන්‍ය-ඉරාන මාධ්‍යවේදී ක්‍රිස්ටියන් අමන්පූර් විසින් ලාර්සන් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාව සඳහා  එමී සම්මානයක් ද දිනා ගනීමට ද සමත් වූයේ මීට සති තුනකට පෙරයි.

 

papa jake smiling

kemadasa

shungara

Back to top
Go to bottom