ජාත්‍යන්තර සිනමා උළෙලවල් රැසකම ඇගයුමට ලක් වූ විනෝශා කිරිවන්දෙණියගේ කුළුදුල් සිනමා නිර්මාණය ‘Hello From the Other Side’ සිංහල චිත්‍රපටය ජූලි 31 වනදා සිට තිරගත වීමට නියමිතයි.
මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ මේ දිනවල තිරගත වන 'ක්ලැරන්ස් - Rhythm of the guitar' සිනමාපටයේ කැලැරන්ස්ගේ චරිතයෙන් ඔබ හමුවට එන දමිත් විජේතුංගයි.
ඔහු සමඟින් දිල්කි දිසානායක, මනෝජා ෆර්නෑන්ඩු, කමල් දේශප්‍රිය, සුජීව ප්‍රියලාල්, කනිෂ්ක රණබාහු.. ඇතුලු ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක්වනවා.
'Hello from the Other Side' චිත්‍රපටයේ තිර රචනය ද විනෝශා කිරිවන්දෙණිය විසින් වන අතර චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ විජේන්ද්‍රන් වොට්සන් විසිනි.
චිත්‍රපටය තිරගත වන සිනමා ශාලා ඇතුළු අලුත්ම තොරතුරු දැනගනීමට>>
https://www.facebook.com/profile.php?id=61572446895380 හරහා 'Hello From the other side' චිත්‍රපටයේ නිල ෆේස්බුක් පිටුවට දැන්ම පිවිසෙන්න.





