lan englan tam

පුවත්

“ක්ලැරන්ස් - Rhythm of the Guitar” වෙනුවෙන් චිත්‍රපට සංස්ථාව එකඟතා ඉටුකරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තුසිත විජයසේන (KCC නිර්මාතෘ) විසින් නිෂ්පාදනය කරන ලද , තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කරන ලද,

මේ දිනවල සාර්ථකව දිවයින පුරා සිනමා ශාලා වල තිරගත වන ‘ක්ලැරන්ස් - rhythm of the guitar’ චිත්‍රපටය බෙදා හරිනු ලබන්නේ ලබන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව විසිනි.

ඒ අනුව චිත්‍රපටයේ බෙදා හරින්නා ලෙස ‘rhythm of the guitar’ චිත්‍රපටයේ පාර්ශව සමඟ ඇතිකරගත් එකඟතා නිවැරදිව ඉටුකරමින් ආදයම් බෙදා හදාගැනීමේ පළමු අවස්ථාව සාර්ථකව අවසන් කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු කර තිබෙනවා.

පසුගියදා මෙම කටයුතු සිදුවූ අතර මෙම අවස්ථාවට චිත්‍රපටය නිෂ්පාදක පාර්ශවයෙන් KCC ආයතනයේ නිලධාරීන් සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති, සංස්ථා නිලධාරීන් ඇතුළු පිරිසක්  මීට සහභාගී වූවා.

මේ පිළිබඳව සදහන් කරමින් ජාතික චිත්‍රපට සංස්ථාව නිවේදනය කොට ඇත්තේ නිෂ්පාදකට ලබාදිය යුතු මුදල් නිසි මොහොතේ ලබාදිමේ කාර්ය විධිමත් කිරිමේ පියවරක් ලෙස මෙය ඉතා වැදගත් වන බවයි.

එමෙන්ම ජාතික චිත්‍රපට සංථාව විසින් මේ වසරේදී මෙවැනි හැඩයේ විචිත්‍ර චිත්‍රපට පෙළක් ප්‍රේක්ෂකයා වෙනුවෙන් අනුපෙළ ගන්වා ඇති බව ද වැඩිදුරටත් සදහන් කොට තිබෙනවා.

 

524246523 717186567819265 3516667889537148635 n

(මූලාශ්‍රය හා ඡායාරූප - ‘NFC – Film culture’ නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom