lan englan tam

පුවත්

ප්‍රධාන චිත්‍රපටයට පෙර එන "ජෝති UNKNOWN" කෙටි චිත්‍රපටය EAP සිනමා ශාලාවල දැන් පෙන්වනවා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

70 වසරක අප ආදරය කළ හඬ හිමි 'සිංහල පොප් රජු' සහ චිත්‍රපට පසුබිම් ගායක එච්. ආර්. ජෝතිපාලයන් සමරමින් අතීත, වර්තමාන හා අනාගත ජෝති රසිකයන් වෙත පිදෙන 'ජෝති UNKNOWN'කෙටි චිත්‍රපටය , EAP සිනමා ශාලාවල දැන් තිරගතවෙනවා.

මෙම චිත්‍රපටය එච්. ආර්. ජෝතිපාල මහතාගේ හඬ සොයාගැනීමේ මොහොත වටා ගොඩනැගුණු සත්‍ය සිදුවීමක ප්‍රතිනිර්මාණයක් ලෙස ගොඩනැගී ඇත.

අධ්‍යක්ෂණය- රන්දි කළුආරච්චි

තිර රචනය- දිලීප අබේසේකර

නිෂ්පාදනය- 'හීන්සැරේ'

(චිත්‍රපටය තෝරාගත් සිනමාශාලා 07ක ප්‍රධාන චිත්‍රපටයට තිරගතවීමට පෙර තිරගත වෙයි)

 

ජූලි 26-31 දක්වා දෙවන සතියේ තිරගත වන සිනමාශාලා පිළිබඳ විස්තර සටහන පහතින් දැක්වේ.

 

 

පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.

 

 

වැඩි විස්තර සදහා පිවිසෙන්න  - https://www.facebook.com/profile.php?id=61578290077460  නිළ ෆේස්බුක් පිටුවට.

kemadasa

shungara

Back to top
Go to bottom