ජනප්‍රිය ගායන ශිල්පිනී ආදිත්‍යා වැලිවත්ත ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ‘මිස් ටුවරිසම්‘ ජාත්‍යන්තර තරගය සඳහා අද (29) පිලිපීනය බලා පිටත්ව යනු ලැබුවා.
ඇය ගායන ශිල්පිනියක් ලෙස ශ්‍රී ලාංකික රසික ප්‍රජාව අතර ප්‍රචලිත වුවද මෑත කාලීනව නිරූපණ ක්ෂේත්‍රය තුළද දක්ෂතා දැක්වීමට සමත් වූවා.
ඒ අනුව ඇය ඉදිරියේදී 'Miss Tourism Universe' තරග කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතව තිබෙනවා.
ගුවන්තොටුපලින් පිටවීමට පෙර ඇය මාධ්‍යය වෙත අදහස් දක්වමින් කියා සිටියේ,
“ආඩම්බරයක් වගේම පොඩි බයකුත් තියෙනවා. මම වෘත්තියෙන් ගායිකාවත් වුණත් පොඩි කාලේ ඉඳන් හුඟක් ආදරෙයි නිරූපණ ක්ෂේත්රයට. ඉතින් මට ඕනේ වුණා මගේ රට නියෝජනය කරලා මගේ රටට ආඩම්බරයක් ගේන්න. මේක මම එකපාර යන්න හිතපු දෙයක් නෙවෙයි. මම මාස හුඟක් මහන්සි වුණා. දැන් මාස 8 ක් විතර. බලමු කොහොම වෙයිද කියලා. බලාපොරොත්තුවෙන් ඉන්නවා හොඳ තීරණයකට”යනුවෙනි.




