lan englan tam

පුවත්

ලෝකයේ පළමු මිලියන 400 සබ්ස්ක්‍රයිබර්ස් Youtube Play බටන් එක 'MrBeast' ට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

You Tube අවකාශයේ ග්‍රාහකයන් (Subscribers) මිලියන 400 සීමාව පසුකර ගිය ලොව පළමු හා එකම YouTube නාළිකාව බවට ජේම්ස් ස්ටීවන් ඩොනල්ඩ්සන්ගේ 'MrBeast' යූ ටියුබ් චැනලය පත්ව තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවෙන්ම නිර්මාණය කළ විශේෂ Youtube Play බටන් එකක්, YouTube ප්‍රධාන විධායක නිලධාරී නීල් මොහාන් මහතා විසින් ඔහුට ලබා දීමට ද කටයුතු කර තිබුණා.

ඩොනල්ඩ්සන් යනු  27වන වියේ පසුවන අමෙරිකානු ජාතිකයෙක් වන අතර ඔහු මෙම 'MrBeast' යූ ටියුබ් චැනලය ආරම්භ කොට ඇත්තේ 2012 වර්ෂයේයි.

මෙම නාලිකාව 2016 වසරේදී ග්‍රාහකයින් 100,000 සම්පූර්ණ කර තිබෙන අතර 2017 දී 1,000,000 සම්පූර්ණ කළ බවයි සඳහන් වන්නේ.

2022 වසරේදී ඔහු ග්‍රාහකයින් මිලියන 100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මේ වනවිට අන්තර්ගතයන් 888කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති 'MrBeast'යූ ටියුබ් චැනලය බිලියන 91කට වැඩි නැරඹුම් වාර සංඛ්‍යාවකට හිමිකම් කියනු ලබනවා.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom