lan englan tam

පුවත්

"සික්ස්ටි නයින්" හැදූ වින්ධ්‍යා හාරිස්පත්තුවගෙන් අලුත් වැඩක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘සික්ස්ටි නයින්’ චිත්‍රපටය නිර්මාණය කළ තරුණ චිත්‍රපට අධ්‍යක්ෂිකා වින්ධ්‍යා හාරිස්පත්තුව විසින් අධ්‍යක්ෂණය කරන නවතම සිනමා නිර්මාණය වන ‘Dare Devil Angel’ හි වැඩ කටයුතු මේ වන විට ආරම්භ කොට තිබෙනවා.

මෙය නවක තරුණ තරුණියන් බොහෝ දෙනෙකුට සිනමාවේ රංගන වරම් හිමිවන නිර්මාණයක් බවයි වින්ධ්‍යා mirror arts සමඟ පැවසුවේ.

’Dare Devil Angel’ චිත්‍රපටයට සම්බන්ධ වන නවක ශිල්පීන් වෙනුවෙන් පිළියන්දල වින්රිච් හෝටලයේදී පසුගියදා විශේෂ පුහුණු වැඩමුළුවක්ද සංවිධානය කොට තිබු අතර එම වැඩමුළුවට සහභාගී වූ සියළු දෙනා වෙනුවෙන් වටිනා සහතිකයක්ද පිරිනමන ලදි.

මෙම චිත්‍රපටය ඇමරිකා එක්සත් ජනපදයේ Dreamy World Film සමඟ එක්ව නිර්මාණය කරන චිත්‍රපටයක් වන අතර මෙය නිෂ්පාදනය කරනු ලබන්නේ චිත්‍රාල් ද මැල් විසිනි.

මෙහි රූගත කිරීම් වලින් 80% ක් පමණ සිදුකරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වීම ද විශේෂත්වයක්.

 

cc145e20 22d7 40e0 ae8d 8956d222d34c

66772b28 2091 4ddd aadf f107b28c58db

4b2b9686 342b 410f 85a4 b0a84b677811

 

පහතින් දැක්වෙන්නේ සිනමා අධ්‍යක්ෂිකා වින්ධ්‍යා හාරිස්පත්තුව විසින් 'Mirror Arts' යූ ටියුබ් නාළිකාව සමඟ සිදු කරනු ලැබූ සාකච්ඡාවක වීඩියෝවකි. වින්ධ්‍යාගේ සිනමා ගමන් මග පිළිබඳව විස්තර කෙරෙන මෙම වීඩියෝවද ඔබට දැන් නැරඹිය හැකියි.

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom