lan englan tam

පුවත්

අඳුරු බලවේග සමඟ අවසන් මෙහෙයුම ගෙන එන 'The Conjuring: Last Rites' හි නවතම පූර්ව ප්‍රචාරක පටය මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2025 සැප්තැම්බර් 5 වන දින ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිත The Conjuring චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන The Conjuring: Last Rites හි පූර්ව ප්‍රචාරක පටය නිකුත් කොට තිබෙනවා.

‘Supernatural Horror’ ශානරයට නවමු අත්දැකීමක් එක්කරමින් එකට බැඳුණු චිත්‍රපට නවයක් ඉදිරිපත් කළ 'The Conjuring' විශ්වයට මේ වනවිට Conjuring චිත්‍රපට තුනක්,

  • The Conjuring (2013) -
  • The Conjuring 2 (2016) -
  • The Conjuring the Devil Made Me Do It (2021)

 Annabelle චිත්‍රපට තුනක්, The Nun චිත්‍රපට දෙකක් සහ The Curse of La Llorona ඇතුළත් වෙනවා.

සත්‍ය සිදුවීම් ඇසුරින් නිමැවුණු The Conjuring චිත්‍රපට ත්‍රිත්වය ලොව පුරා Supernatural Horror රසිකයන්ට බිහිසුණු සිනමා අත්දැකීමක් ලබාදෙන්නට සමත් වුණා.

පූර්ව ප්‍රචාරක පටයෙන් දක්නට ලැබෙන ආකාරයට නම් මේ සිව්වන The Conjuring දිගහැරුමත් මුල් චිත්‍රපට වලට නොදෙවෙනි ලෙස ප්‍රේක්ෂකයන් බියෙන් මුසපත් කිරීමට සමත් වන බවට අනාවැකි පළ කළ හැකියි.

Warner Brothers වෙතින් පිදෙන මෙම චිත්‍රපටය Michael Chaves ගේ අධ්‍යක්ෂණයක්. සුපුරුදු පරිදි 'Ed'සහ 'Lorraine Warren' ලෙස රංගනයෙන් දායක වන්නේ Patrick Wilson සහ Vera Farmiga යන විශිෂ්ට නළු නිළි දෙපළයි. මීට අමතරව ඔවුන්ගේ දියණිය වන Judy Warren ද (Mia Tomlinson) චිත්‍රපටයේ සැලකියයුතු වගකීමක් උසුලනවා.

ඒ වගේම Ed සහ Lorraine Warren ඉන්න අවසාන Conjuring චිත්‍රපටය මෙය බවයි සඳහන් වෙන්නේ. ඉන් පසු නැවත අලුත් චරිත සමග මෙම චිත්‍රපට මාලාව නිර්මාණය වන බව තමයි සඳහන් වෙන්නේ.

ඉතින් මේ වන විට ඩොලර් බිලියන දෙකකට වඩා උපයා ඇති The Conjuring විශ්වයේ නවතම චිත්‍රපටය  The Conjuring: Last Rites මොන තරම් බියකරු වේවිද කියා බලන්නට නම් සැප්තැම්බර් 5 වෙනතෙක් ඉවසන්නට වෙනවා.

 පහතින් දක්වලා තියෙන්නේ චිත්‍රපටයේ අලුතෙන්ම නිකුත් වූ පූර්ව ප්‍රචාරක පටයයි.

 

(තොරතුරු : ජාලිය රණවීර ෆේස්බුක් පිටුව ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom