lan englan tam

පුවත්

ලාංකිය සිනමා රසිකත්වයට පිදෙන නවතම හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණය "අමුතු 3ක්" ළගදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ටවුමේ ඉස්කෝලෙ, වැලි පවුරු, නිහඬ සෙවණැලි, ලොක් ඩවුන් වැනි සිනමා නිර්මාණ ඔබ වෙත ගෙන ආ සුනිල් ප්‍රේමරත්නගේ පස්වන සිනමා අධ්‍යක්ෂණය "අමුතු 3ක්" හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණය  ළඟදීම තිර ගත වීමට නියමිතයි.

"අමුතු 3ක්" චිත්‍රපටය සඳහා කුමාර තිරිමාදුර, ප්‍රියන්ත සෙනෙවිරත්න, මිහිර සිරිතිලක, සරත් කොතලාවල, ධර්මප්‍රිය ඩයස්, දුලීකා මාරපන, ජයනි සේනානායක, නිරෝශා තලගල... ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් එක්වෙනවා.

චිත්‍රපයටයේ  කතාවට පදනම් වන්නේත් අපූර්ව සිදුවීම් මාලාවක්,

514338111 1267193965411865 4975690514033355523 n

 

රජයේ කාර්යාලයක ගිණුම් පරීක්ෂකවරුන් ලෙස සේවය කරන සමරතුංග, වික්‍රම හා රහල් යන පුද්ගලයන් තිදෙනෙකු පාදක කර ගෙනයි මෙහි කතාව දිග හැරෙන්නේ.

ඔවුන් තිදෙනා සිය බිරින්දෑවරුන්ගේ කරදරවලින් යම් දිනකට මිදීමට විනෝද චාරිකාවක් යාමට සැලසුම් කරයි. ඔවුන් තිදෙනා අනුරාධපුරයේ රාජකාරී ගමනක් යන බව නිවෙස්වලට පැවසුවත් ඔවුන් යන්නේ කඳුකර ප්‍රදේශයේ චාරිකාවකි. ඒ අනුව ජීප් රථයකින් ඔවුන් නාවලපිටිය බලා විනෝදයෙන් ගී ගයමින් යන විට අතර මගදී තරුණ මවක හා දියණියක වාහනයේ ගැටෙන අතර  බියවන ඔවුහු නොනවත්වා පළායති.

මෙලෙස ඔවුන් අතින් අනතුරට ලක් වන්නේ මළවුන් පවා අවදිකර පොලිසියට අවශ්‍ය කටඋත්තර පවා ලබා ගැනීමට දක්ෂ කට්ටඩියෙකු වූ නෝනිස් ගුරුන්ණාන්සේගේ දියණිය හා මිණිපිරියයි. මෙයින් කෝපයට පත් වන නෝනිස් ගුරුන්නාන්සේ මන්ත්‍ර බලයෙන් ඔවුන් තිදෙනාව වයස අවුරුදු අටක පමණ කුඩා දරුවන්ගේ මානසිකත්වයක් ඇති පුද්ගලයන් බවට පත් කරවයි.

ඒ අනුව එක් දිනෙක අවදි වන විට ඔවුන් කුඩා දරුවන් බවට පත්ව ඇති අතර කතාව දිග හැරෙන්නේ මෙතැන සිටයි. ඔවුන් තම බිරින්දෑවරුන්ට ‘අම්මේ’ යැයි කියන අතර මොවුන් පාසල් යෑමට ඇවැසි බව පවසයි...

506757228 10234702411236416 1921344416465056047 n

ඉතින්, සිනහව සපිරි සිනමා අත්දැකීමක් සමඟ පවුලේ සැමට එක්ව නැරඹිය හැකි සිනමා නිර්මාණයක් වන "අමුතු 3ක්" ළගදීම දිවයින පුරා සිනමා ශාලා වලදී ඔබට නැරඹිය හැකියි.

(ඡායාරූප උපුටා ගැනීම 'Sunil Premarathna' ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

kemadasa

shungara

Back to top
Go to bottom