එළඹෙන අගෝස්තු 16 වන දා සිට (Ella Weekend Express)නමින් නව සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කොට තිබෙනවා.
මෙම නව දුම්රිය සේවය කොළඹ කොටුව සහ බදුල්ල අතර ක්‍රියාත්මක වීමට නියමිතයි.
විශේෂයෙන්ම දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ඉල්ලීම මත මෙම දුම්රිය සේවාව හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර, සුන්දර කඳුකර ප්‍රදේශවලට සුවපහසු සහ දර්ශනීය සංචාරක අත්දැකීමක් ලබාදීම මෙහි අරමුණයි.
ආසන 350කින් සමන්විත මෙම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම අලුයම 5:30ට කොළඹ කොටුවෙන් පිටත් වී, එදින පස්වරුව වන විට බදුල්ලට ළඟා වීමට නියමිතයි.
"ආපසු පැමිණීමේ ගමන සෑම ඉරිදා දිනකම රාත්‍රී 9.00ට බදුල්ලෙන් පිටත් වීමට කටයුතු කරනු ඇති.




