ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළුවෙකු වන විජේ සේතුපතිට එරෙහිව X සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලකයෙකු විසින් එල්ල කෙරුණ චෝදනාවක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා.
ලිංගික අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් රංගන ශිල්පී විජේ සේතුපතිට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත්තේ රම්‍යා මෝහන් (Ramya mohan) නමැති X ගිණුමෙනි.
එම X පණිවිඩයේ දක්වා ඇත්තේ තමන් දන්නා හඳුනන ගැහැනු ළමයෙකු විජේ සේතුපති විසින් ලිංගික අපයෝජනයට ලක් කොට ඇති බව යි.
අදාළ ගිණුම හිමි කාන්තාව විසින් රංගන ශිල්පී විජේ සේතුපතිට චෝදනා කර සිටියේ ඔහු විසින් සමාජ මාධ්‍යවල සාන්තුවරයෙකු ලෙස පෙනී සිටිමින් මුදලට කාන්තාවක් ලිංගිකව සුරාකෑමට ලක් කර ඇති බව යි.
කෙසේ වෙතත් විජේ සේතුපතිට එරෙහිව චෝදනා එල්ල කරමින් පළකර තිබු එම X පණිවිඩය පැය කිහිපයකට පසුව ඉවත් කර ගෙන තිබු අතර පසුව එම ගිණුම ද අක්‍රීය කර තිබිණි.
මෙහිදී ඩෙකෑන් ක්‍රොනිකල් නම් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විජේ සේතුපති සඳහන් කර ඇත්තේ තමන්ට එරෙහිව එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සහ ඒවා "පදනම් විරහිත" බව යි.
"මාව දුරස්ථව දන්නා ඕනෑම කෙනෙකු මේකට හිනා වෙනවා. මමත් මාව ම දන්නවා. මේ වගේ අපිරිසිදු චෝදනාවකින් මාව කලබල කරන්න බැහැ. මගේ පවුලේ අය සහ සමීප මිතුරන් කලබල වෙලා, නමුත් මම එයාලට කියනවා, 'ඒකට යන්න ඉඩ දෙන්න. මේ කාන්තාව පැහැදිලිව ම එය කරන්නේ අවධානයට ලක් වෙන්න. ඇයට මිනිත්තු කිහිපයකට ජනප්‍රියතාවයක් ලැබිලා තියෙනවා, ඇයට ඒක භුක්ති විඳින්න ඉඩ දෙන්න." ඔහු ඩෙකෑන් ක්‍රොනිකල් වෙබ් අඩවියට පවසා තිබිණි.
විජේ සේතුපති තවදුරටත් පැවසුවේ තමන් සම්බන්ධයෙන් අසත්‍ය චෝදනාවක් සිදුකළ X සමාජ වේදිකාව භාවිත කරන අදාළ ගිණුමට එරෙහිව සයිබර් අපරාධ පැමිණිල්ලක් ගොනු කර ඇති බව සහ එවැනි මඩ ප්‍රචාරණ ව්‍යාපාරවලින් තමාට බලපෑමක් එල්ල නොවන බව යි.
"මම අවුරුදු හතක් තිස්සේ මේ ආකාරයේ සියලු කටකතා වලට මුහුණ දී ඉන්නවා. එවැනි දේවල් වලින් මාව ඉලක්ක කලත් ඒවා මේ දක්වා මට බලපාලා නැහැ. ඒ වගේ ම කවදාවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ." විජේ සේතුපති අදාළ සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කොට තිබෙනවා.
(තොරතුරු BBC News සිංහල වෙබ් අඩවිය ඇසුරිනි)




