සුප්‍රකට ජාත්‍යන්තර ජැමෙයිකානු රෙගේ ගායිකාවක වන Diana King සහ තවත් ජනප්‍රිය ගායකයෙකු වන Kevin Lyttle මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඒ හෙට (03) දිනයේදී YES සහ Legends මාධ්‍ය ජාලයන් විසින් කොළඹ City of Dreams Cinnamon Life හි පැවැත්වීමට සංවිධානය කර ඇති “Walshy Fire & Friends” ප්‍රසංගය සදහායි.
ඒ අනුව හෙට රාත්‍රී 07 ඇරඹෙන ප්‍රසංගයේදී Diana King, Major Lazer කණ්ඩායමේ Walshy Fire සහ “Turn Me On” ගීතයෙන් ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත්වූ Kevin Lyttle සමඟ වේදිකාව බෙදාගනිමින් අමතක නොවන සංගීත අත්දැකීමක් රසිකයන්ට තිළිණ කරනු ඇති.

“Shy Guy” සහ “L-L-Lies” වැනි ජනප්‍රිය ගීත සඳහා ප්‍රසිද්ධ Diana King ජාත්‍යන්තර ජැමෙයිකානු රෙගේ ගායිකාවකි.
රෙගේ, R&B ශෛලීන් හා මුසු වන ඇගේ හඬ සහ නර්තනමය ඉදිරිපත් කිරීම් ලොව පුරා සංගීත ලෝලීන් මත් කිරීමට සමත්ව ඇත. ඩයනා කිං සුවිශේෂී හඬ පෞර්ෂය, තියුණු සහ මතවාදී සිතීම සහ තියුණු අභියෝගාත්මක පද රචනා ලොව පුරා ප්‍රේක්ෂකයින් සමඟ සම්මුඛ වෙමින් ජාත්‍යන්තරව රෙගේ සංගීතයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වී ඇත.
වීඩියෝව නරඹන්න මෙතනින්>>




