වසර 33 කට අධික සිය රංගන ජීවිතයේ පළමු ජාතික සිනමා සම්මානය දිනා ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සමත්ව තිබෙනවා
ඊයේ (01), දින ඉන්දීය ජාතික චිත්‍රපට සංවර්ධන සංස්ථාව විසින් '71 වන ඉන්දියානු ජාතික සිනමා සම්මාන උළෙලේ ' ජයග්‍රාහී සම්මාන ලැයිස්තුව ප්‍රකාශයට පත් කරනු ලැබු අතර,
එහිදී 2023 වසරේ තිරගත වූ ‘ජවාන්’ චිත්‍රපටයේ විශිෂ්ට රංගනය වෙනුවෙන් ශාරුක් ඛාන් සහ ‘12 th Fail’ චිත්‍රපටයේ විශිෂ්ට රංගනය වෙනුවෙන් Vikrant Massey යන දෙදෙනාම හොඳම නළුවා සම්මානය ජයග්‍රහණය කොට ඇති බව ප්‍රකාශයට පත් කළා.

එමෙන්ම 'Mrs. Chatterjee vs Norway' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් රාණි මුකර්ජි හොඳම නිළිය සම්මානය ජයග්‍රහණය කොට ඇති බව ප්‍රකාශ කළ අතර මෙය රාණි මුකර්ජිගේ ද දශක තුනක සිනමා දිවියේ ලබාගන්නා පළමු ජාතික චිත්‍රපට සම්මානය මෙය වීම විශේෂත්වයක්.

මෙවර 71 වන ඉන්දියානු ජාතික සිනමා උළෙලේදී සම්මාන ප්‍රධානය සඳහා සැළකිල්ලට ගන්නේ 2023 වර්ෂයේ නිර්මාණය වූ සිනමා නිර්මාණ වලට අදාළව වන අතර,
හොඳම චිත්‍රපටය ලෙස සම්මානය හිමි කර ගනු ලැබුවේ 2023 වසරේ තිරගත වූ 12 th Fail චිත්‍රපටයයි.

ජනප්රියම චිත්රපටයට හිමි සම්මානය 'Rocky Aur Rani Ki prem kahani' චිත්රපටය ජයග්රහණය කරනු ලැබුවා.

හොදම අධ්යක්ෂණය වෙනුවෙන් හිමි සම්මානය 'Kerala Story' චිත්රපටය වෙනුවෙන් සුදිප්තෝ සෙන් විසින් ජයග්රහණය කරනු ලැබුවා.

ජාතික හා සාමාජිය වටිනාකම් ප්රවර්ධනය කිරීම වෙනුවෙන් Sam Bahadur චිත්රපටය සම්මානය ජයග්රහණය කරනු ලැබුවා.

හොදම දෙමළ චිත්රපටය ලෙස parking චිත්රපටය සම්මානය ජයග්රහණය කරනු ලැබුවා.





