lan englan tam

පුවත්

රජිනිකාන්ත් ප්‍රධාන රංගනයෙන් එක්වන ‘Coolie’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දමිළ සිනමාවේ සුපිරි තරුව රජිනිකාන්ත් ප්‍රධාන රංගනයෙන් දායක වන ‘Coolie’ දමිළ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අද පස්වරුවේ අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවා.

ලෝකේෂ් කනගරාජ් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයට රජිනිකාන්ත් සමඟ නාගර්ජුනා, සොබින් සහීර්, සත්‍යරාජ්, උපේන්ද්‍ර කුමාර්, ශ්‍රැති හසන් යන ජනප්‍රිය නළු නිළියන් මෙහි ප්‍රධාන රංගනයෙන් එක්වෙනවා.

එමෙන්ම ජනප්‍රිය නළු අමීර් ඛාන් ඇතුළු තවත් සුපිරි සිනමා තරු රැසක්ම මෙහි ආරාධිත රංගනයන්ට එක්වී තිබෙනවා.

ඒ අනුව දමිළ සිනමාවේ ඉහළින්ම බලාපොරොත්තු තැබූ  චිත්‍රපටයක් වන මෙය අගෝස්තු 14 වනදා සිට ලොව පුරා තිරගත වීමට නියමිතයි.

පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයයි.

 

kemadasa

shungara

Back to top
Go to bottom