ශ්‍රී ලංකාවේ තරු හෝටල් ක්ෂේත්‍රයේ විශාලතම පෞද්ගලික ආයෝජනය වන City Of Dreams හෝටල් සංකීර්ණය ඊයේ (02) පස්වරුවේ නිල වශයෙන් විවෘත කරනු ලැබුවා.
සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් ඇතුළු තවත් ආරාධිත අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූවා.
ඩොලර් බිලියන 1.2 ක ව්‍යාපෘතියක් ලෙස ඉදිකෙරුණු City Of Dreams සුඛෝපබෝගී හෝටල් සංකීර්ණය මෙරට හෝටල් ක්ෂෙත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළ ව්‍යාපෘතියක් ලෙසයි සැළකෙන්නේ.
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් හි සුවිශේෂී ව්‍යාපෘතියක් වන මෙය සියලු පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් මෙරටදී සිදු කරනු ලබන විශාලතම ආයෝජනය ලෙස ද සැලකෙනවා.
මෙම ව්‍යාතියේ නිර්මාණ කටයුතු සඳහා දේශීය ගෘහ නිර්මාණ ශිල්පීන්, හෝටල් වෘත්තිකයින් සහ විදෙස් නිර්මාණකරුවන් 500කට අධික පිරිසක් දායකත්වය ලබා දී තිබීම ද විශේෂත්වයක් වනවා.
මෙම සුඛෝපබෝගී හෝටල් සංකීර්ණයේ නිවාඩු නිකේතනය පසුගියදා අති උත්කර්ශවත් අන්දමින් විවෘත කෙරුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු තවත් අරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන්.
ඒ අනුව ඊයේ දිනයේදී City Of Dreams හෝටල් සංකීර්ණයේ Nüwa හෝටල් සංකීර්ණය සහ විනෝදාස්වාද සහ කැසිනෝ ශාලාව විවෘත කිරීම සිදු වූයේ සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන්.
මෙම කැසිනෝ කලාපය සඳහා ආයෝජනය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 125ක්.
City of Dreams හෝටල් සංකීර්ණයේ පිහිටි නුවා හෝටල් සංකීර්ණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉදිකළ කාමර 687 කින් සහ අති සුඛෝපබෝගි කාමර 113 කින් සමන්විතයි.
පහතින් දැක්වෙන්නේ ඊයේ (02) city of dreams සමාරම්භක අවස්ථාවට සහභාගී වූ ආරාධිත අමුත්තන්ගේ චායාරුප පෙළක්.



















