lan englan tam

පුවත්

‘දේවි කුසුමාසන’ Box Office ආදායම මිලියන 200 පසුකරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට සිනමා ඉතිහාසයේ ලක්ෂ 1500 ක වැඩිම වියදමක් දරමින් නිෂ්පාදනය කළ 'දේවි කුසුමාසන' චිත්‍රපටයේ box office ආදායම මේ වන විට රුපියල් මිලියන 200 යේ (ලක්ෂ 2000) සීමාව ඉක්මවා යාමට සමත් වී තිබෙනවා.

චිත්‍රපටය පසුගිය සති කීපය පුරාම සිනමාහල් රැසක දර්ශන වාර ගණනාවක් ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ගොස් ජනප්‍රිය මට්ටමේ පැවතුණේ චිත්‍රපටය නිකුත් වී මාස දෙකකට ආසන්න කාලයක් ගතවීමෙනුත් පසුව වීම ද විශේෂත්වයක්.

'දේවි කුසුමාසන' චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ජයන්ත චන්ද්‍රසිරි විසින් වන අතර මෙය Lyca productions සාඩම්බර දෙවැනි සිනමා නිෂ්පාදනයි.

මහනුවර රාජධානියේ රාජ්‍ය පාලනය කළ කුසුමාසන රැජින සහ කොනප්පු බණ්ඩාරගේ ජීවිත කතාව ඇසුරින් නිපදවූ මෙම චිත්‍රපටයේ  ප්‍රධාන චරිත හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරිය නිරූපණය කරන අතර මහේන්ද්‍ර පෙරේරා, සනත් ගුණතිලක,මේඝ සූරියාඅරච්චි, චිලී තිවංක, ශ්‍රියන්ත මෙන්ඩිස්,ලක්ෂ්මි දමයන්ති, ඩිස්නි රාජපක්ෂ ඇතුලු ජනකාන්ත නලු නිලියන් රැසක් රංගනයෙන් එක්වනවා.

‘දේවි කුසුමාසන’ චිත්‍රපටය නිෂ්පාදනය කළ Lyca productions ආයතනය මීට ප්‍රථම නිෂ්පාදනය කළ ‘රාණි’ චිත්‍රපටය ද ලැබූ ආදායම රුපියල් මිලියන 250 හේ සීමාව ඉක්මවා යමට සමත් වූවා.

 

526606184 717606341111824 8831294438788789500 n

kemadasa

shungara

Back to top
Go to bottom