lan englan tam

පුවත්

අනූෂ එදිරිමුණි ගේ ‘මදර් ලංකා’(Mother Lanka) අගෝස්තු 14 වනදා සිට රිදී තිරයට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අනූෂ එදිරිමුණි විසින් අධ්‍යක්ෂණය කළ 'මදර් ලංකා' (Mother Lanka) නවතම සිංහල චිත්‍රපටය එළඹෙන අගෝස්තු 14 වෙනිදා සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිර ගත වීමට සූදානම්.

ආදරය වෙනුවෙන් ක්‍රීඩාව අතහැරි යුවතියක් , ජීවිතය වෙනුවෙන් ස්ත්‍රීත්වය වැළඳගත් යෙහෙළියක් සමගින් එක්ව , විජයග්‍රාහි දැරියක් බිහිකිරීම වෙනුවෙන් දරණ වෑයමයි මදර් ලංකා චිත්‍රපටය.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මෙතනින් නරඹන්න>>

'මදර් ලංකා' (Mother Lanka) චිත්‍රපටයට තරින්දි ප්‍රනාන්දු ,  සෙනුකි දිශල්‍යා ( හඳුන්වා දෙන ), ධනංජය සිරිවර්ධන යන රංගන ශිල්පීන් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර බිමල් ජයකොඩි , සනත් ගුණතිලක ,දිල්හානි අශෝකමාලා , හර්ෂිකා රත්නායක , ධර්මප්‍රිය ඩයස් , කළණ ගුණසේකර ,චතුරංග කොඩිතුවක්කු ,හේෂානි ලියදිපිට ,මාදිනි මල්වත්ත , සරත් කොතලාවල ,කුසුම් පෙරේරා ඇතුළු ප්‍රවීණයන් රැසක් ද රංගයෙන් දායක වෙනවා.

තිර රචනයෙන් ක්‍රිෂාන්ති කුලසුරිය, කැමරාකරණයෙන් රංගන එස්. බණ්ඩාර ,අංග රචනයෙන් නයන උදිත් , කලා අධ්‍යක්ෂණයෙන් විහඟ දෙනුවන් , සහය අධ්‍යක්ෂණයෙන් නිරෝශන් එදිරිමාන්න, සංගීත අධ්‍යක්ෂණයෙන් එරංග ජයවර්ධන, සමූහ  අධ්‍යක්ෂණයෙන් ලසන්ත ප්‍රැන්සිස් හා නිෂ්පාදන කළමනාකරණයෙන් ලක්රුවන් ලොකුහෙට්ටිආරච්චි  එක්වී ඇති " මදර් ලංකා "  ඉෂාන් පෙරේරාගේ නිෂ්පාදනයකි.

පහතින් දැක්වෙන්නේ පසුගියදා පැවති චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයේ විශේෂ අවස්ථා කිහිපයක්>>

 

තොරතුරු Anton J. Fernando ෆේස්බුක් පිටුව ඇසුරිනි.

kemadasa

shungara

Back to top
Go to bottom