lan englan tam

පුවත්

‘සිත් රූ - 2025’ ප්‍රසංගය ජනපතිගේ සහභාගීත්වයෙන්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා ගෙන එන 'සිත් රූ- 2025' ප්‍රසංගය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් ඊයේ (05) පස්වරුවේ කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.

මෙහිදී 'සිත් රූ-2025' පළාත් තරගාවලියෙන් ජයග්‍රහණය කළ දරු දැරියන්ට ජනපති අතින් සම්මාන සහ තිළිණ ප්‍රධානය කිරීම ද සිදු වූවා.

මේ පිළිබඳව විශේෂ සටහනක් එක්කරමින් ජනාධිපතිවරයාගේ නිළ සමාජ මාධ්‍ය ගිණුම හරහා දක්වා තිබුණේ,

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන “එක්ව - අත් නොහැර” ජාතික ප්‍රතිපත්තියට අනුව ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සමාජගත කිරීම, සවිබල ගැන්වීම, පුනරුත්ථාපනය සහ රටේ ආර්ථික ප්‍රවාහයේ සක්‍රීය කොටස්කරුවන් ලෙසත්, අභිමානවත් පුරවැසියන් ලෙසත් ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට රජය කැපවී සිටින බවයි.

එමෙන්ම ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා එළිදැක්වීමට නව වේදිකාවක් සලසා දෙමින්, ආත්ම තෘප්තිය සමගින් ඔවුන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම වෙනුවෙන් සංවිධානය කෙරෙන මෙවැනි සංස්කෘතික වැඩසටහන් බෙහෙවින් අගය කරන බවද ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කොට තිබුණා.

පහතින් දැක්වෙන්නේ 'සිත් රූ-2025' ප්‍රසංගයේ විශේෂ අවස්ථා කිහිපයක ඡායාරූප පෙළක්.

 

528579563 1339320877564138 1667503781781823620 n

528669786 1339321367564089 1309606726455054490 n

528353902 1339320960897463 1278818793989526699 n

527722620 1339321174230775 2836675586818228321 n

528043852 1339321150897444 1513446384875903018 n

527573799 1339320944230798 2387928800629242834 n

528560681 1339321517564074 1686163134353107250 n

528279985 1339321180897441 6959877128062297514 n

528330430 1339320864230806 8804289438181966655 n

528023888 1339321210897438 635347322537355671 n

 

 

kemadasa

shungara

Back to top
Go to bottom