lan englan tam

පුවත්

ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය සහ ජනපති අතර හමුවක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකීය ගායක - ගායිකා සංගමය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ (05) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවත්විණි.

මෙහිදී  වෘත්තීය වශයෙන් ගායන ක්ෂේත්‍රයේ නියුතු බොහෝ ගායක-ගායිකාවන් කාලාන්තරයක් මුළුල්ලේ මුහුණ දෙන ගැටලු පිළිබඳ  ප්‍රධාන වශයෙන් අවධානය යොමු කොට තිබෙනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය ගායක - ගායිකා සංගමය මෙහිදී පෙන්වා දෙන ලද කාරණයක් වී ඇත්තේ බුද්ධිමය දේපළ පනත යටතේ ගීතයක පරම අයිතිය පද රචකයාට හා තනු නිර්මාපකයාට තිබෙන නිසා ජනප්‍රිය ගායක - ගායිකාවන් රැසක් අර්බුදයකට පත් ව ඇති බවත්, තමන්ගේ සමාජ මාධ්‍යයක පවා ගීතයක් පළ කිරීමට හැකියාවක් නැති වී ඇති බවයි.

එබැවින් ගීතයක පරම සහ නෛතික අයිතිවාසිකම පද රචකයාට, තනු නිර්මාපකයින්ට මෙන්ම ගායක ගායිකාවන්ට ද ලබා දීමට අවශ්‍ය නීති සංශෝධනය කරන ලෙස ශ්‍රී ලාංකීය ගායක - ගායිකා සංගමය මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි සදහන් වන්නේ.

ඒ අනුව මෙම ගැටලු පිළිබඳ අධ්‍යයනය කර දැනට පවතින ජාත්‍යන්තර නීතිය සහ තාක්ෂණික අවශ්‍යතා මත පදනම්ව ජාත්‍යන්තර වශයෙන් ගොඩනැඟී ඇති සම්මුති අධ්‍යයනය කරමින්ද, සියලු පාර්ශ්ව ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගනිමින්ද, සෑම පාර්ශ්වයකටම සාධාරණය ඉෂ්ට වන පරිදි විසඳුමක් සඳහා ප්‍රවේශයක් ලබා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති වරයා පෙන්වා දී තිබෙනවා.

මේ පිළිබඳව නිවේදනය පහතින්>>

 

6892dce1650fapdf page 0

 

 

kemadasa

shungara

Back to top
Go to bottom