lan englan tam

පුවත්

“SOUL WALKER” : අහිමි වූ රාජධානි සොයා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කෘතිම බුද්ධිය (Artificial Intelligence) යොදා ගනිමින්, සත්‍ය ජීවිත තුළ පවතින හැඟීම් මගින් නොකියූ කතා පුවතක් රැගත් වෘත්තාන්ත සිනමා නිර්මාණයක්, නිර්මාණය කිරීමට ලංකාවේ තරුණයින් පිරිසක් සමත්වෙලා තියෙනවා.

චිත්‍රපටයේ නම " SOUL WALKER "

" සදාකාලිකවම ආත්මයන් අවදිව පසුවන ලෝකය තුළ, අඳුර හැඩවෙන්නේ හිතට අමතක වූ මුහුණු මතින් නම්!

නමුත් එය , අප්‍රකාශිත ප්‍රශ්නාර්ථයක් ?

ඔබ ඔබේ ආත්මය දවන භීතයන් සමගින් කොපමණ දුරක් ගමන් කිරීමට සූදානම් ද ?

ඔව් !

අහිමිවු තම රාජධානිය සොයා යාමට ඔවුන් සූදානම් !

පූර්ව ප්‍රචාරක පටය නරඹන්න මෙතනින්>>

 

 

රංගනයෙන් - උදානි බණ්ඩාර , පසිඳු ලක්ෂාන් , මධුශාන් එල්. බණ්ඩාර , ශ්‍රැති කාව්‍යා , මලීෂ සස්මික

කතාව, තිර රචනය දෙබස් රචනය සහ අධ්‍යක්ෂණය - පසිඳු ලක්ෂාන්

නිෂ්පාදනය - වී.පී.ප්‍රඩක්ෂන්

(AI) කෘතිම බුද්ධි දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණකරණය, ප්‍රොම්පට් උපදේශත්වය, නිර්මාණ අධීක්ෂණය සහ දෘශ්‍ය ඉංජිනේරුවන් - පසිඳු ලක්ෂාන් / අමිත් ප්‍රියංක

සංස්කරණය , වර්ණ සංයෝජනය සහ කැමරාකරණ අධීක්ෂණය - විරාජ් නරසිංහ

අංග රචනා ශිල්පි - ගයාන් ඉන්දික

සහය අධ්‍යක්ෂණය - වේළු නවනීදන්

ගී පද රචනය - පසිඳු ලක්ෂාන්

ගායනය - පියුමි පෙරේරා සහ AI හඬ දායකත්වය

පසුබිම් සංගීත නිර්මාණය - පසන් ශ්‍රීමාල් ,පසිඳු ලක්ෂාන්,ශ්‍යාමල් තෙන්නකේ සහ AI දායකත්වය

කෘතිම බුද්ධිමය නිර්මාණශීලී දායකත්වය- පසිඳු ලක්ෂාන් , පසන් ශ්‍රීමාල්, ශ්‍යාමල් තෙන්නකේ.

ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂකයාට නැවුම් අත්දැකීමක් රැගෙන භාෂා ද්විත්වයකින් යුතුව ළඟදීම මෙරට තිරයට සම්ප්‍රාප්ත වීමට නියමිතයි !

 

සටහන - ඇන්ටන් ජේ ප්‍රනාන්දු

 

kemadasa

shungara

Back to top
Go to bottom