මෙරට ජනකාන්ත නළු නිළි දෙපළක් වන සජිත අනුත්තර සහ ශලනි තාරකා ප්‍රධාන චරිත නිරූපණය කරන 'අන්ලොක්' (Unlock) සිංහල චිත්‍රපටයේ නවතම ප්‍රචාරක පෝස්ටරයක් නිකුත් වී තිබෙනවා.

ඒ අනුව චිත්‍රපටය ළඟදීම තිර ගත කිරීම් ආරම්භ කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.
'අන්ලොක්' (Unlock) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මීට පෙර ‘අපේ ප්‍රින්සිපල්’, ‘පාස්පෝට්’ වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ක්‍රිස් ඇන්තනි විසිනුයි.
මෙය ඔහුගේ තෙවන සිනමා නිර්මාණය වනවා.
මෙරට සිනමාවට නැවුම්, වෙනස්ම කතා තේමාවක් ඔස්සේ දිගහැරෙන මේ චිත්‍රපටයට ප්‍රධන චරිත වලින් සජිත අනුත්තර සහ ශලනි තාරකා සමඟ ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, රුක්ෂාන්ති පෙරේරා, නිරෝශන් විජේසිංහ, ශ්‍යාම් ප්‍රනාන්දු... ඇතුළු තවත් ජනකාන්‍ත නළු නිළියන් රැසක් රංගනයෙන් එක්වනවා.
මෙහි කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේ ඉන්දියානු ජාතික සිනමාකරුවෙකු වන ගෝපි ජෙගදීස්වරන් විසින් වීමත් විශේෂත්වයක්.
මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ඉන්දික ක්‍රිෂාන්ත විසිනුයි.
ඉතින්, නුදුරේදීම ‘අන්ලොක්’ (Unlock) චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්ෂක ඔබට අවස්ථාව උදා වනු ඇති.





