lan englan tam

පුවත්

ලාංකීය ළමා පරපුරට තිළිණ කරන නැවුම් සිනමා අත්දැකීම "සිහින සරුංගල්" ළඟදිම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආචාර්ය උපුල් වීරසිංහ (උපුල් මාමා) සමගින් තාරක අධිකාරි‍ගේ අධ්‍යක්ෂණයෙන් ලාංකීය ළමා පරපුරට තිළිණ කරන නවතම සිනමා නිර්මාණය “සිහින සරුංගල්”,

එළඹන සැප්තැම්බර් 26 සිට දිවයින පුරා සිනමාශාලාවලදී  තිරගතවීමට නියමිතයි.

මව්පියන් කුඩාකල්හි ම අහිමි ව තම සීයා සමග දරිද්‍රතාවෙන් හා සමාජ පීඩනයන්ගෙන් බැටකමින් ගෙවන දිවියෙහි කටුක අදුරු පැතිකඩයන්හා අභිමුඛවෙමින් හෙට දවසේ ජිවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් සිහින දකිනා හා ක්‍රියාකරනා දරුවෙක්ගේ දරුවෙක්ගේ ජීවිතය සංදර්භය කර ගනිමින් “සිහින සරුංගල්” ළමා චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ ,හේමසිරි ලියනගේ,රොෂාන් රණවන, ශිරෝමිකා ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර,ක්ලීටස් මෙන්ඩිස්, ආනන්ද අතුකෝරළ, ජනක රණසිංහ වැනි ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් සමඟ ප්‍රතිභාසම්පන්න ළමා නළු නිළියන් කැළක් මීට රංගනයෙන් එක් වෙනවා.

සනත් භාෂ්වර කරුණාරත්නගේ තිර රචනයක් වන “සිහින සරුංගල්” චිත්‍රපටය නවීන් රත්නායක නිෂ්පාදනයක්, රෝහණ වන්නිආරච්චි සම නිෂ්පාදනයක්.

අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලත් මෙම චිත්‍රපටය ළමයින්ට පමනක් නොව වැඩිහිටි ප්‍රේක්ෂකයාටද නව්‍යමය සිනමා අත්දැකිමක් වනු නිසැකයි.

 

532815028 122163409190433869 4959209419226522342 n

 

 

kemadasa

shungara

Back to top
Go to bottom