lan englan tam

පුවත්

සනත් විමලසිරි ප්‍රධාන චරිතය නිරූපණය කරන “දේවරාග” වෙබ් කතා මාලාව ළඟදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට අති දක්ෂ රංගන ශිල්පියෙකු වන සනත් විමලසිරි ප්‍රධාන චරිතය නිරූපණය කරන, වෙනස්ම තේමාවක් මත පදනම්ව ගලාගෙන යන වෙබ් කතා මාලාවක් වන ‘දේවරාග’ (Dewaraga) ළඟදීම විකාශය වෙන්න නියමිතයි.

මේ කතා මාලාව අධ්‍යක්ෂණය කරන්නේ රවිඳු සම්පත් වික්‍රමසේකර විසින්.

සනත් විමලසිරිගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වන මෙම නිර්මාණයට අමා රුවන්පතිරණ, සංජීව මදුසංක, සුරාජ් හේවගේ, ගයාන් සඳකැලුම්, සුපුන් දිල්ෂාන්, M එමිල්, සීතා පතිරණ.. යන නළු නිළි කැළක් රංගනයෙන් එක්වෙනවා.

මේ වෙබ් කතා මාලාවේ නිෂ්පාදකවරයා විදිහට මෙරට ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන නාලන් මෙන්දිස් එක්වෙනවා.

ඉතින්, ළගදීම Nalan Mendis YouTube TV - NMTV ඔස්සේ මෙම වෙබ් කතා මාලාව නරඹන්න ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි වෙන්න නියමිතයි.

මතු දැක්වෙන්නේ ‘දේවරාග’(Dewaraga) වෙබ් කතා මාලාවේ පුර්ව ප්‍රචාරක පටයයි.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom