ලොව පුරාම ජනතාවගේ අවධානය දිනා ගත් ඇමරිකානු ජාතික විනිසුරුවරයෙක් වූ ෆ්‍රෑන්ක් කැප්‍රියෝ මියගොස් තිබෙනවා.
කලක පටන් අග්න්‍යාශයේ පිළිකා රෝගී තත්වයකින් පෙළුණු ඔහු ඊයේ (20) දිනයේ මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මිය යන විට විට ෆ්‍රෑන්ක් කැප්‍රියෝ 88 හැවිරිදි වියේ පසු වූවා.
අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රොවිඩන්ස් නගරයේ අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ඔහු සිය නඩු ඇසීමේ ක්‍රියාවලිය තුළ දී ආදරය, කරුණාව වැනි ගුණාංග ඉස්මතු වන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් ලොව පුරා ජනතාවගේ අවධානයට ලක්වුණා.
ඔහු "Caught in Providence" නම් වැඩසටහනක් හඳුන්වා දුන් අතර එහි විශේෂත්වය වුණේ ඔහුගේ අධිකරණ තීරණවල තිබූ මානුෂීය ස්වභාවයයි. ඔහු නඩු විභාගවලදී නීතියට පමණක් සීමා නොවී, චූදිතයන්ගේ පෞද්ගලික ගැටලු, හැඟීම් සහ ජීවන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළා.
සමාජ මාධ්‍ය ඔස්සේ සිය නඩු තීන්දු විකාශය කිරීමට ද කටයුතු කළ ඔහු තමාගේම යුටියුබ් නාළිකාවක් මඟින් ඒවා ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය.
ඔහුගේ වීඩියෝ බිලියන ගණනක් නරඹන ලද අතර, ඔහු "ඇමෙරිකාවේ කරුණාවන්තම විනිසුරුවරයා" (America's Nicest Judge) ලෙස ප්‍රකට වුණා.
ඔහුගේ ජීවිතය හා අධිකරණයේ අත්දැකීම් ගැන ලියූ "Compassion in the Court: Life-Changing Stories from America's Nicest Judge" නමැති ග්‍රන්ථය එළිදක්වනු ලැබුවේද මෙම වසරේ පෙබරවාරි 04 වෙනිදායි.





