ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්, වේදිකා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පීයෙක්, කැමරා අධ්‍යක්ෂකවරයෙක් වන විකුම්සිරි මුණසිංහ මහතා අද (21) දින අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු මීට දින කිහිපයකට පෙර හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර අද දින අප අතරින් වෙන්ව ගොස් තිබෙනවා.
මිය යන විට හෙතෙම 58 වන වියෙහි පසු වූවා.
දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට (22) දිනයේදී සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති අතර දේහය රුවන්වැල්ල ගාමිණී මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා. https://maps.app.goo.gl/BEozbv6jMyDo8FRS9?g_st=ac
මතු දැක්වෙන්නේ විකුම්සිරි මුණසිංහ මහතාගේ කලා දිවිය ගැන කෙටි මතක සටහනකි.
1987 වසරේ ජයලාල් රෝහණයන්ගේ "ලෝකා" වේදිකා නාට්‍යයෙන් මුල්වරට ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වූ විකුම්සිරි මුණසිංහ ඉන්මතු රොජර් සෙනවිරත්නගේ "පස්වැන්නා" සහ "ලිපිකරුවාගේ මරණය" මෙන්ම චමත් ජයසිංහගේ "මං" ආදී වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූවේය.
1992 දී ප්‍රසන්න ප්‍රියදර්ශනගේ "ගමනාන්තය" ටෙලිනාට්‍යයේ රඟපෑමෙන් හා කලා අධ්‍යයක්ෂනයෙන් ටෙලිනාට්‍යය කලාවට පිවිසි විකුම්සිරි මුණසිංහ ඉන්පසු 150කට නොඅඩු ටෙලිනාට්‍ය සංඛ්‍යාවකට විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ සම්බන්ධ වූවේය.
එම කටයුතු අතරතුර ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට යොමු වූ ඔහු "ධවල බන්ධන", "චමරිය", "දුස්සරනයෝ", "වියරු සැනකෙලි", "සෙනෙහසට ආමන්ත්‍රණයක්" සහ "භූමරංග" වැනි ටෙලිනාට්‍ය ගණනාවක් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. එමෙන්ම ජනප්‍රිය ගීත රැසක රූප රචනා නිර්මාණ අධ්‍යක්ෂකවරයෙකු ලෙසද ඔහු කටයුතු කළා..
එමෙන්ම ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස ඔහු රංගනයෙන් එක්වූ ටෙලි චරිත අතර "සමුගත් වසන්තය" හි ඉබ්බාගමුව, "කනකොක් සුද" හි උනන්දුවා, "උරුමයක අරගලයක්" හි බොයිලි, "පැණි කුරුල්ලෝ" හි අතුකෝරල, "අඩෝ" හි පත්තර කතෘ සහ "එක රෑනේ කුරුල්ලෝ" හි විදුහල්පති වැනි චරිත ජනතාව ආදරෙන් වැළඳ ගත් චරිතයන්ය.




