lan englan tam

පුවත්

අසමසම මෙහෙවරක් උදෙසා ග්‍රේස් තෙන්නකෝන් ගේ “සමඅසම” බ්‍රිස්බේන්හී දී තිරගත වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ රංගවේදිනී ග්‍රේස් තෙන්නකෝන් තිර රචනය කොට  නිෂ්පාදනය කළ ඇගේ කුළුදුල් සිනමා නිර්මාණය වන ‘සමඅසම’ (Unequal)  චිත්‍රපටයේ ප්‍රථම දැක්ම, පසුගියදා ඕස්ටේලියාවේ බ්‍රිස්බේන් හීදී විශාල ප්‍රේක්ෂකයන් පිරිසකගේ සහභාගිත්වයෙන්  තිරගත වූවා.

 

8280b72d 7eb4 4831 ba70 1b92b3e15665

 

මෙම මංගල දැක්මේ විශේෂත්වයක් වූයේ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිමෙන් ලද සියලුම මුදල් සුවිශේෂී ප්‍රජා සේවා කටයුත්තක් සදහා යෙදවීමට කටයුතු කිරීමයි.

එනම් නාවලපිටිය, නාගස්තැන්න විදුහලේ   දරු-දැරියන්ට ආරක්ෂා සහිතව පාවිච්චි කළ හැකි  නව වැසිකිළි පද්ධතියක් ගොඩනැගීම සඳහා යෙදවීමට මෙම මුදල් යොදා ගැනෙන අතර රන්දේව ද මැල් ගේ පූරෝගාමීත්වයෙන් යුත් Help Sri Lanka පදනම මේ සදහා මූලිකත්වය ගනු ලබනවා.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල්වල ජල සැපයුම සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණින් පිහිටුවා ගන්නා ලද ප්‍රජා පදනමක් වන Help Sri Lanka පදනම ක්වීන්ස්ලන්ත ශ්‍රී ලංකා සංගම් එකමුතුවෙ (FSOQ) හි පූර්ණ සහයෝගය ඇතුව, ක්වීන්ස්ලන්ත ප්‍රජාවත් සහභාගී කරගෙන ක්‍රියාත්මක වන සංවිධානයක් .

සිය කුළුදුල් සිනමා නිර්මාණයේ මුහුරත් මංගල්‍යය මෙම ප්‍රජා සත්කාරය වෙනුවෙන් පිරිනැමීම වෙනුවෙන් රංගවේදිනී ග්‍රේස් තෙන්නකෝන් හට බ්‍රිස්බේන් ප්‍රජාවගේ හෘදයාංගම ප්‍රණාමය මෙම අවස්ථාවේදී පිරි නමන ලදී .

 පහතින් දැක්වෙන්නේ "සමඅසම" චිත්‍රපටයේ මංගල දැක්මේ විශේෂ අවස්ථා කිහිපයක්.

25a1a8a7 b57c 4872 8718 2fbdc997d679

4546d0d8 2787 4a22 a644 ac90e637b04c

a83a5251 ee9d 46a3 8b62 fcc1da696fac

 

kemadasa

shungara

Back to top
Go to bottom