lan englan tam

පුවත්

ගුවන් විදුලියේ 9 වැනි මැදිරිය හෙට සිට නන්දා මාලිනියගේ නමින් නම් කෙරේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාතියේ යශෝරාවය මැයෙන් සම්භාවනාවට පාත්‍රව සිටින ප්‍රවීණ ගායන ශිල්පීනී ආචාර්ය නන්දා මාලිනි මෙරට ගීත ක්ෂේත්‍රයට සිදුකරන ලද අමිල මෙහෙවර අගයමින්,

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 09 වැනි මැදිරිය ආචාර්ය නන්දා මාලිනි මැදිරිය නමින් හෙට (22) (සිකුරාදා) පෙ.ව 8.30 ට නම් කරන බව එහි සභාපති උදිත ගයාෂාන් ගුණසේකර සදහන් කරනවා.

මෙම අවස්ථාවට ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහභාගි වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, කෘතහස්ත ගේය පද රචක කුලරත්න ආරියවංශ වැනි ප්‍රවීණ ගී පද රචකයන් ද එම අවස්ථාවට සහභාගි වනු ඇති.

මෙම අවස්ථාවේදී ආචාර්ය නන්දා මාලිනි මැදිරිය විවෘත කිරීම මෙන්ම ඇයගේ ඡායාරූපයක් ද නිරාවරණය කිරීමටද කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම නන්දා මාලිනිය වෙනුවෙන් තිලිණයක් ද ප්‍රදානය කිරීමට නියමිත බව ගුවන් විදුලි සංස්ථාවේ සභාපති උදිත ගයාෂාන් ගුණසේකර ප්‍රකාශ කළා.

 

kemadasa

shungara

Back to top
Go to bottom