lan englan tam

පුවත්

රන්ජන් රාමනායකගේ “O.I.C. ගඩාෆි” චිත්‍රපටයේ රූගත කිරීම් අවසන්!

User Rating: 4 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Inactive
 

රන්ජන් රාමනායකගේ නවතම සිනමා නිර්මාණය වන "O.I.C. ගඩාෆි" චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වී තිබෙනවා.

ඒ බව ඔහු ඊයේ (21) සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා ද නිවේදනය කර තිබුණා.

ඒ මේ අයුරින්-

 

oic gadafi pack up

 

“O.I.C. ගඩාෆි” චිත්‍රපටියේ රූගත කිරීම් ආරම්භ කරනු ලැබුවේ පසුගිය 24 වෙනිදා වන අතර මාතලේ ප්‍රදේශය කේන්ද්‍ර කොට ගෙන මෙහි බොහොමයක් රූගත කිරීම් සිදු වූවා.

මෙම චිත්‍රපටයට මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ත මොරගොඩ, ධර්මප්‍රිය ඩයස්, ජයනි සේනානායක, කුමාර තිරිමාදුර, මහින්ද පතිරගේ, ජයනි සේනානායක, ගිහාන් ප්‍රනාන්දු, සමන් හේමරත්න, පියුමි බොතේජු, දිලුක්ෂි වීරපෙරුම... වැනි ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.

මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, තිර රචනය මෙන්ම ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ද රන්ජන් රාමනායක විසින් විමත් විශේෂත්වයක්.

මෙය රන්ජන් රාමනායකගේ පස්වන සිනමා අධ්‍යක්ෂණය වන අතර මීට පෙර වන්ශොට්, ලීඩර්, ඩොක්ටර් නවරියන්, පාර්ලිමන්ට් ජෝක්ස් ඇතුළු Box Office සිනමාපට රැසක් ඔහු විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ පසුගිය දිනවල චිත්‍රපටයේ දර්ශන තලයෙන් ලබාගත් ඡායාරූප කිහිපයක්.

View the embedded image gallery online at:
https://mirrorarts.lk/news/11536-o-i-c-2#sigProId674e681c9b

kemadasa

shungara

Back to top
Go to bottom