කලාශූරි ලතා වල්පොලගේ ජීවිත කතාව පාදක කර ගනිමින් නිර්මාණය වන "ලතා" සිනමා නිර්මාණය නුදුරේදීම ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට සූදානම් බව වාර්තා වෙනවා.
"ලතා" චිත්‍රපටය රැල්ලට පැමිණ නොපෙනී යන හුදු වානිජමය පරමාර්ථයෙන් තොරව නිර්මාණය වන, ජීවමාන කලා ශූරියගේ ජීවිත කතාව, " ඇගේ මතකය, ඔහුගේ දැක්ම " යන තේමා පාඨය යටතේයි තිරයට එක්වීමට නියමිතව තිබෙන්නේ.
එසේම ලංකාවේ ජීවතුන් අතර සිටින කලාකරුවෙකුගේ හෝ කලා කාරිනියකගේ ජීවිත කතාව සිනමාවට එක්වන ප්‍රථම අවස්ථාව ද මෙයයි.
චිත්‍රපටයේ ජනප්‍රිය නිළි උමාලි තිලකරත්න විසින් ලතා වල්පොල මහත්මියගේ චරිතය නිරූපණය කරන අතර, රොෂාන් රවීන්ද්‍ර , චින්තක වාස්, ප්‍රියංකා සමරවීර, නිහාරි වික්‍රමආරච්චි, චතුර ගයාන් සමගින් ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක්වී තිබෙනවා.
මනෝ වීරසේකර අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයේ මූලික තිරපිටපත , නව ගීත නිර්මාණය සහ පසුබිම් සංගීත අධ්‍යක්ෂණය මෙල්රෝයි ධර්මරත්න විසිනි.
කැමරා අධ්‍යක්ෂණය - චන්දන ජයසිංහ
සහය අධ්‍යක්ෂණය - නිරෝශන් එදිරිමාන්න
කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය - කුමාර කරව්දෙනිය
අංග රචනය - ප්‍රේමලාල් ලියනගේ
නිෂ්පාදන කළමණාකරණය - ෂර්ලි සමරසිංහ
ඉතින්, හෙළයේ ගීත කෝකිලාවියගේ සංගීතමය ජීවන චාරිකාව ඇයත් සමග එකට සිට නරඹන්නට ප්‍රේක්ෂකයන්ට ළඟදීම අවස්ථාව උදා වනු ඇති.
" ජීවිතේ ගෙව් මතකය ගොතා
මාවතේ මැව් ඒ රසවත් කතා
සිත්තමකවී රුවින් ලස්සන ඉතා
චිත්‍රපටයකි ඇගේ නාමෙන් ලතා
(තොරතුරු - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු ගේ ෆේස්බුක් පිටුව ඇසුරිනි)




