ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය මගින් සංවිධානය කරන,
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2025හි වසරේ විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය තරග අංශයට අදාළව අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කොට තිබෙනවා.
මතු දැක්වෙන්නේ එම නිර්දේශිත පද්‍ය සාහිත්‍ය කෘති ලැයිස්තුවයි.
කස්තුරි මුවෙකුගේ භූගෝල විද්‍යා පොත
කුමාර හෙට්ටිආරච්චි
(විදර්ශන ප්‍රකාශන)

බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක්
මංජුල වෙඩිවර්ධන
(විදර්ශන ප්‍රකාශන)

මදුරාවතී නම් තරු රටාව
ටිම්රාන් කීර්ති
(විදර්ශන ප්‍රකාශන)

මං ඉන්නවා හිනා වෙවී
සමිත බී. අටුවබැන්දෑල
(ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ )

මීවන ළමයෙකි හදවත
අනුරාධා නිල්මිණි
(සුභාවි ප්‍රකාශන)


16 වන වරට පැවැත්වෙන 2025 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2025 සැප්තැම්බර් මස 01 දා සවස 03.00 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල සභාසදයේදී පවත්වන්නට නියමිතයි.
මෙවර සම්මාන උළෙලේදී කාණ්ඩ හයක්,( නවකතා, කෙටිකතා, කාව්‍ය සංග්‍රහ, පුවත්පත් තීරු ලිපි, පද රචනා සහ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විෂයයන්ට අදාළ ශාස්ත්‍රීය කෘතීන්) යටතේ සම්මාන ප්‍රධානය සිදු කිරීමට නියමිත අතර ඇගයීමේ ක්‍රියාවලියට වට තුනක් ඇතුළත් වන අතර අදාළ විෂයයන් පිළිබඳ විද්වතුන්ගෙන් සැදුම් ලත් පිරිසක් ඇගයීම් ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් මගින් පවත්වන එකම සාහිත්‍ය සම්මාන උළෙල වන්නේද විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලයි.





