lan englan tam

පුවත්

නන්දා මාලිනියට ගුවන් විදුලි සංස්ථාවේදී ‘ප්‍රණාම’ පිදෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාතියේ යශෝරාවය මැයෙන් සම්භාවනාවට පාත්‍රව සිටින ප්‍රවීණ ගායන ශිල්පීනී ආචාර්ය නන්දා මාලිනි ඇගයීමේ 'ප්‍රණාම' උලෙළක් අද (22) පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී පැවැත්වුණා.

දශක හයකට අධික කාලයක් පුරාවට මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් අචාර්ය නන්දා මාලිනී ඉටුකල මෙහෙවර අගයමින් ඇයට ප්‍රණාමය පුද කිරීම මෙම උත්සවයේ අරමුණ වූ අතර, මෙහිදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 9 වන මැදිරිය 'නන්දා මාලිනි මැදිරිය' ලෙස නම් කිරීම ද, ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ ඇයගේ ඡායාරූපයක් නිරාවරණය කිරීම ද සිදු විය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර යන අය එක් වූ අතර, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න හා ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ඇතුළු ප්‍රවීණ කලාකරුවෝ රැසක් ද සහභාගී වූහ.

පහතින් දැක්වෙන්නේ එහි විශේෂ අවස්ථා කිහිපයක්.

 

537137046 1078915184390047 3693147218857768113 n

537186503 1078915414390024 5716929678604611641 n

537747691 1078915287723370 7867815565207784738 n

537034362 1078915074390058 6343208911474912396 n

537020986 1078915427723356 5747067898231178541 n

nanda malini i1

Nanda Malini i2

 

kemadasa

shungara

Back to top
Go to bottom