lan englan tam

පුවත්

තිසර ඉඹුලානගේ නවතම සිනමා නිර්මාණය “මෝඩ තරිඳු” ළඟදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නුදුරේදීම තිරගත වීමට නියමිත "මෝඩ තරිඳු" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කොට තිබෙනවා.

"මෝඩ තරිඳු" චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මීට පෙර ‘නිනෝ ලයිවු’ සිනමාපටය ඔබ වෙත ගෙන ආ තිසර ඉඹුලානයි.

 සූර්යා දයාරුවන් ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්‍රපටයට,

කෞශල්‍යයා ප්‍රනාන්දු, ධනුක ඩිල්ෂාන්, ශනුද්‍රි ප්‍රියසාද්, ශෙහානි කහඳවල, සේවියර් කණිෂ්ක, නිල්මිණි කෝට්ටෙගොඩ, නිමල් ජයසිංහ, උපාලි සිල්වා, නිල්මිණි සිගේරා, චතුර රාජපක්ෂ, ශාක්‍ය ශ්‍රීවර්ධන ඇතුළු ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.

"මෝඩ තරිඳු" චිත්‍රපටයේ තිර රචනය තිසර මංගල බණ්ඩාර සහ තිසර ඉඹුලාන විසිනි.

කැමරාකරණය හසිත වර්ණසූරිය විසින් වන අතර චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Thisara Imbulana Films & Villa19  මගිනි.

සංගීත අධ්‍යක්ෂණය දිනේෂ් ගමගේ විසිනි.

ඉතින්, නුදුරේදීම “මෝඩ තරිඳු” චිත්‍රපටය නැරඹීමට සූදානම් වන්න!

පතතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටයයි.

 

kemadasa

shungara

Back to top
Go to bottom