ලාංකීය සිනමාවේ ජනප්‍රියතම සහ දක්ෂ රංගන ශිල්පියෙකු වන හේමාල් රණසිංහගේ උපන් දිනය අද (25) දිනට යෙදී තිබෙනවා.
ඉතින් අද දිනය තවත් සුවිශේෂී කරමින් ඔහු ඉදිරියේදී ප්‍රධාන රංගනයෙන් එක්වන්නට නියමිත නවතම චිත්‍රපටයක් පිළිබඳව ද නිවේදනය කරනු ලැබුවා.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මහේල හෙට්ටිආරච්චි විසින්.
ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා මේ පිළිබඳව නිවේදනය කර තිබුණේ මේ අයුරින්.

‘ස්නේහ’, ‘තුංමං හංදිය’ වැනි කෙටි චිත්‍රපට රැසක් ඔබ වෙත ගෙනා මහේල හෙට්ටිආරච්චිගේ පළමු වෘතාන්ත සිනමාපටය වන්නේ මෙයයි. චිත්‍රපටයේ තිර රචනයත් ඔහු විසින්ම සිදු කර තිබෙනවා.
මෙම සිනමා පටය 2026 වර්ෂයේදී රූගත කිරීම් ආරම්භ කරන්නට නියමිත අතර මෙය හේමාල් රණසිංහගේ 27 වන සිනමා රංගනය වන්නට නියමිතයි.




