කොළඹ - Arcade-Independence Square පරිශ්‍රයේ ඉදිවන ශ්‍රී ලංකාවේ ප්‍රථම Celebrity Wax Museum ලෙස සැළකෙන ‘Colombo wax museum’ ඉටි පිළි රූ කෞතුකාගාරය එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී ජනතාවට විවෘත කිරීමට සූදානම් වනවා.
මේ පිළිබඳව දැනුවත් කරමින් පසුගියදා (22) කොළඹ හිල්ටන් හෝටලයේදී විශේෂ මාධ්‍ය හමුවක් ද පැවත් වූ අතර ඊට ප්‍රවීණ කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛයන් රැසක් සහභාගී වූවා.
මෙම මාධ්‍ය හමුවේදී මහේන්ද්‍ර පෙරේරා, රවීන්ද්‍ර රන්දෙණිය, අමිතාබ් බච්චන් සහ බ්‍රැඩ් පිට් ගේ ඉටි රූ සංකේතාත්මක ලෙස මාධ්‍යට ප්‍රදර්ශනය කළ අතර මෙම අවස්ථාවට ප්‍රවීණ කලාකරු මහේන්ද්‍ර පෙරේරා සහ රවීන්ද්‍ර රන්දෙණිය සහභාගී වී සිටීමද විශේෂත්වයක් වූවා.


මෙම ඉටි රූ කෞතුකාගාරයේ ඉටි ප්‍රතිමා නිර්මාණය වන්නේ, ශ්‍රී ලංකාවට ජීවමාන ඉටි ප්‍රතිමා නිර්මාණකරණය හදුන්වා දීමේ පුරෝගාමියා වූ ප්‍රවීණ නිර්මාණ ශිල්පී අතුල හේරත්ගේ සංකල්පය සහ දායකත්වය මතයි. මෑතකදී විවෘත වුණු මහනුවර "ඇහැලේපොළ වලව්ව" ඉටි රූ කෞතුකාගාරයේ ඉටි රූ සියල්ලමත් ඔහුගේ නිර්මාණ වෙනවා.
මෙහි ශ්‍රී ලාංකේය මෙන්ම හොලිවුඩ්, බොලිවුඩ් සිනමා තරු, හද රැඳී ගායකයන්, සංගීතඥයන්, ලෝ පතළ විද්‍යාඥයන්, ක්‍රීඩකයින් යනාදී දෙස් විදෙස් කීර්තිමත් චරිත රැසක් සමගින් ජාත්‍යන්තර තලයේ, උසස් ඉටි පිළි රූ 40 ට ආසන්න ප්‍රමාණයක් මෙහි පළමු අදියර යටතේ නිර්මාණය වී තිබෙනවා.
ඉතින්, එළඹෙන ඔක්තෝම්බර් මාසයේ සිට දෙස් විදෙස් සංචාරකයන්ට ව්වෘත වන ‘Colombo wax museum’ ජාත්‍යන්තර මට්ටමේ ඉටි පිළි රූ කෞතුකාගාරය වඩාත් ජනතා ආකර්ෂණීය ස්ථානයක් වනු ඇති මෙන්ම මෙරට සංචාරක කර්මාන්තයට ද නිසැක වශයෙන්ම විශාල දායකත්වයක් සපයනු ඇති.
පහතින් දැක්වෙන්නේ පසුගියදා ‘Colombo wax museum’ ඉටි පිළි රූ කෞතුකාගාරය පිළිබඳව දැනුවත් කරමින් පැවති මාධ්‍ය හමුවේ විශේෂ අවස්ථා කිහිපයක්.
https://mirrorarts.lk/news/11549-colombo-wax-museum#sigProId0ab0285273




