මිනිසුන්ගේ ශරීරයේ තුවාල වල වැඩෙමින් මිනිස් මාංශ ආහාරයට ගන්නා ‘Screwworm’ නම් පණු කීටයකු පුද්ගලයෙකුගේ ශරීරයේ සිටියදී සොයාගත් පුවතක් වාර්තා වෙනවා.
ඒ අමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි ප්‍රාන්තයෙන්.
මොහු මීට දින කීපයකට පෙර එල් සැල්වදෝර් සිට ඇමරිකාවට පැමිණීමෙන් පසුව නිවසේ සිටයදී ඇමරිකානු සෞඛ්‍ය අංශ විසින් සොයාගන තිබෙනවා.
මෙම පණු කීටයන් හටගන්නේ Cochliomyia hominivorax නම් මැස්සන් හරහායි. මොවුන් Screwworm Fly යනුවෙනුත් හඳුන්වනු ලබනවා.
මෙම මැස්සන්ගේ ගැහැණු සත්තවයා ගවයන්, මුවන් ඇතුලු වන සතුන්ගේ තුවාලවල බිත්තර දැමූ පසු එම බිත්තර පැය 24කට ආසන්න කාලයකදී පුපුරා Screwworm කීටයන්/පණුවන් හට ගන්නා අතර ඔවුන් තුවාලය ආහාරයට ගනිමින් එය තුල වැඩෙනවා.
පසුව එම පරපෝෂිතයන් තරමක් වැඩුණු පසු තුවාලයෙන් බිමට වැටී දින කීපයකින් නැවත මැස්සන් බවට පත්වෙන අතර ඉන් අනතුරුව මොවුන්ගේ ගැහැණු සතුන් නැවත සතුන්ගේ තුවාල තුල බිත්තර දමමින් මෙම චක්‍රය සිදුවන බවයි සඳහන් වන්නේ.
වාර්තා වන ආකාරයට මෙම කීටයන් මිනිස් ශරීරයේ තුවාල තුලද හට ගනිමින් මස් ආහාරයට ගෙන වැඩෙනවා. එම තුවාල තුලින් දැඩි දුර්ගන්ධයක් නිකුත් වන අතර තුවාල දැඩි වේදනාකාරි වන බව කියවෙනවා.
මෙම මැස්සන් සහ කීටයන් 1950 වසරට ආසන්න කාලයකදී මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ වාර්තා වූ අතර 2000 වසර වනවිට මෙම සම්පූර්ණයෙන් ම පාහේ මුලිනුපුටා දමා තිබෙනවා. නමුත් පසුව ඉක්වදෝරය, නිකරගුවා,පැනමා ආසන්න කැරිබියන් දූපත් වලද විටින් විට වාර්තා වී තිබූ බවට සඳහන්.
නිව් ජර්සි වලින් හමුවු රෝගියා දකුණු ඇමරිකාවේ කළ සංචාරයෙන් පසු මෙම පණු කීටයන් ශරීරගත වන්නට ඇති බවයි ඇමරිකානු සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.
එමෙන්ම මෙම පරපෝෂිත ආසාදනය ඇති වී ඇති බවට ඇමරිකාවේදී තහවුරු වූ පළමු අවස්ථාව මෙය බවද ඇමරිකානු සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය (CDC) මේරිලන්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ එක්ව විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.




