lan englan tam

පුවත්

විමුක්ති ජයසුන්දරගේ 'Spying Stars' බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලට තේරී පත් වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විමුක්ති ජයසුන්දර විසින් අධ්‍යක්ෂණය කළ ‘Spying Stars’ නවතම චිත්‍රපටය ලෝක ප්‍රසිද්ධ බූසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලෙහි ( Busan International Film Festival) තරඟකාරී අංශය සඳහා තේරී පත්ව තිබෙනවා.

යන්ත්‍ර මගින් ආධිපත්‍ය දරණ අනාගතයේ කාලයක ජීවත් වන විද්‍යාඥ වරියක් වන ආනන්දි සිය පියාගේ අවසන් කැමැත්ත ඉටු කිරීම සඳහා හනුමාන් නැමැති දූපතට පැමිණෙන අතර එහිදී ඇයට මුහුණ දීමට සිදුවන සිදු වීම් සමුදායක් පසුබිම් කරගෙනයි මෙම චිත්‍රපටයේ කථාව නිර්මාණය වී තිබෙන්නේ. මෙහිදී ආනන්දිට මුණ ගැසෙන මවක් සහ ඇගේ සංක්‍රාන්තික ලිංගික දියණිය සමඟ සිදුවන ගනුදෙණුව වටා චිත්‍රපටය ගලායනවා.

ඉන්දිරා තිවාරි ,සෞම්‍ය ලියනගේ ,කෞශල්‍යා ප්‍රනාන්දු ,සමනලී ෆොන්සේකා ඇතුලු නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වි තිබෙනවා.

මීට පෙර ද විමුක්ති ජයසුන්දර විසින් අධ්‍යක්ෂණය කළ  සුළඟ එනු පිනිස, අහසින් වැටෙයි, සුළඟ ගිනි අරන්.. වැනි චිත්‍රපට දෙස් විදෙස් සම්මානයන්ට පාත්‍ර වූ අතර  2005 වසරේ කාන් සිනමා උළෙලේදී 'සුළඟ එනු පිණිස' වෙනුවෙන් ඔහු ජයග්‍රහණය කල Caméra d'Or සම්මානය, මෙරට සිනමාකරුවෙකු දිනාගත් ඉහළම ජාත්‍යන්තර සම්මානය ලෙස පිළිගැනෙනවා.

 

Nila Madhab Panda Vimukthi Jayasundaraසිනමා අධ්‍යක්ෂක විමුක්ති ජයසුන්දර ඇතුළු කණ්ඩායම ‘Spying Stars’ රූගත කිරීම් අතරතුර ලබාගත් ඡායාරූපයක්

 

684be1f0571740013b7fe8de Capture décran 2025 06 12 à 14.20.15 p 1080 ‘Spying Stars’ චිත්‍රපටයේ රූප රාමුවක්

 

539157419 781903044202453 2013197484287378492 n‘Spying Stars’ චිත්‍රපටයේ රූප රාමුවක්

kemadasa

shungara

Back to top
Go to bottom