lan englan tam

පුවත්

විනෝශා කිරිවන්දෙණියගේ “Hello From The Other Side” නැවතත් තිරගත වීම අරඹයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගිය කාලයේදී මුහුණ දීමට සිදු වූ යම් යම් අභියෝග කිහිපයකට පසුත්, ප්‍රේක්ෂක ඉල්ලීම් සහ ප්‍රේක්ෂකයින්ගේ අඛණ්ඩ ප්‍රශ්න කිරීම් හමුවේ, ‘Hello From The Other Side’ චිත්‍රපටිය නැවත වරක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තිරගත වීම ඊයේ (අගෝස්තු 29) දිනයේ සිට ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව දැන් පටන් සෑම දිනකම හැව්ලොක් සිටි සංකීර්ණයේ ස්කෝප් සිනමා ශාලාවේ සවස 4.05 දර්ශනය ‘Hello From The Other Side’ චිත්‍රපටය වෙනුවෙන් වෙන් වී තිබෙනවා.

ඔබත් චිත්‍රපටය නරඹන්නට එක්වන්න!

ජාත්‍යන්තර සිනමා උළෙලවල් රැසකම ඇගයුමට ලක් වූ  ‘Hello From the Other Side’ සිංහල චිත්‍රපටය විනෝශා කිරිවන්දෙණියගේ කුළුදුල් සිනමා නිර්මාණයයි.

මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ මේ දිනවල තිරගත වන 'ක්ලැරන්ස් - Rhythm of the guitar' සිනමාපටයේ කැලැරන්ස්ගේ චරිතයෙන් ඔබ හමුවට එන දමිත් විජේතුංගයි.

ඔහු සමඟින් දිල්කි දිසානායක, මනෝජා ෆර්නෑන්ඩු, කමල් දේශප්‍රිය, සුජීව ප්‍රියලාල්, කනිෂ්ක රණබාහු.. ඇතුලු ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක්වනවා.

'Hello from the Other Side' චිත්‍රපටය  චිත්‍රපටය නිෂ්පාදනය කළේ විජේන්ද්‍රන් වොට්සන් විසිනි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්>>>

 

kemadasa

shungara

Back to top
Go to bottom