ප්‍රවීණ මාධ්‍යවේදිනියක මෙන්ම ග්‍රන්ථ කතුවරියක වන මනෝහාරී හේවාවසම් විසින් රචිත අලුත්ම නවකතාව “පුරප්පට්ටුව” දැන් පාඨකයා සඳහා නිකුත් කොට තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා පිහිටි සරසවිය, ගොඩගේ, දයාවංශ, රත්න, සූරිය, සමයවර්ධන, සිතුවිලි, සමුදුර, සුරස - fast publishing යන පොත් ශාලා වලින් මෙන්ම KBOOK සහ slbooks.lk හරහා ද ඔබට “පුරප්පට්ටුව” නවකතාව මිලදී ගත හැකියි.

මතු දැක්වෙන්නේ පසුගියදා, 'THE Leader TV' යූ ටියුබ් නාලිකාවේ සම්මුඛ සාකච්ච්ඡාවකට සහභාගී වෙමින් මනෝහාරී හේවාවසම් විසින් “පුරප්පට්ටුව” නව කතාව පිළිබඳව පළ කල අදහස් දැක්වීමේ වීඩියෝවකි.
මෙම කෘතිය රචනා කිරීමට පසුබිම් වූ කරුණු, අත්දැකීම් මෙන්ම නවකතාවේ චරිත නිර්මාණය වූ ආකාරය පිළිබඳව මනෝහාරී විසින් විස්තර කරනු ලබන රසවත් කතා බහක් මෙහි ඇතුළත් වෙනවා.
සාකච්ඡාව මෙහෙයවූයේ ජයසිරි අලවත්ත විසිනි.
සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ විඩියෝව නරඹන්න පහතින්.




