lan englan tam

පුවත්

රටම හිනස්සන “එළද බ්‍රා” දැන් දිවයින පුරා සිනමාශාලාවලදී තිරගත වේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කලබලකාරී ජීවිතයේ ආතතියට විරාමයක් දෙන්න, සතුට, විනෝදය සපිරි සිනමා අත්දැකීමක් විදගන්න,

පූජිත සේනාරත්න ගුණතිලක විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ  නවතම හා වසරේ පූර්ණ හාස්‍යයෝත්පාදක සිනමා නිර්මාණය " එළද බ්‍රා " දැන් එම්.පී.අයි. සිනමා මණ්ඩලයේ බෙදාහැරීමක් ලෙසින් දිවයින පුරා සිනමා ශාලාවන් හී ප්‍රදර්ශනය ආරම්භ කර ඇත.

අතපසු වීමකින් සිදුවන අහම්භයක් නිසා වාසනාව උදාවුන තරුණයෙක් වටා ගෙතී ඇති මෙම කතාවේ ,

පුබුදු චතුරංග, නිලුක්ෂි අමන්දා සිල්වා, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස් ,සරත් කොතලාවල , මිහිර සිරිතිලක , සුරංග සතරසිංහ, නිල්මිණි කෝට්ටේගොඩ , සුසිලා කෝට්ටගේ.... ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සුජිතා පීරිස්  සහ දේදුණු සිල්වා විසින් වන අතර මෙය ‘Heavens Gate Films Productions’ ඉදිරිපත් කිරීමක්.

ඔබට ළගම සිනමා ශාලාවේදී දැන් " එළද බ්‍රා " චිත්‍රපටය නරඹිය හැකියි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ පසුගියදා (29) පැවති චිත්‍රපටයේ මංගල දර්ශනයේ විශේෂ අවස්ථා නරඹන්න පහතින්.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom