lan englan tam

පුවත්

චත්‍ර වීරමන්ගේ "ආයු" ඔක්තෝබර් 02 සිට දිවයින පුරා සිනමා ශාලා වලදී! (Trailer)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘ආලෝකෝ උදපාදී’ චිත්‍රපටය ඔබ වෙත ගෙන ආ චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය "ආයු" එළඹෙන ඔක්තෝබර් 02 සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිතයි.

ඒ අනුව මේ වන විට චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය ද නිකුත් කොට තිබෙනවා.

"ආයු"යනු ආදරය, අධිෂ්ඨානය, ධෛර්‍ය පිළිබඳව හෘදයාංගම කතාවක් වනවා.

චිත්‍රපටයට ප්‍රධාන රංගනයෙන් ජගත් මනුවර්ණ, අශාන් ඩයස් සහ  සැන්ඩ්‍රා මැක් එක් වන අතර ඒ සමගින් ප්‍රියන්ත සිරිකුමාර, මාලිනී ෆොන්සේකා, තුමිඳු දොඩන්තැන්න, නලින් ලුසේනා, සමනලී ෆොන්සේකා ඇතුලු ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක්ව තිබෙනවා.

චිත්‍රපටය නිෂ්පාදනය කළේ දයා රත්නායක සහ යසස් රත්නායක විසින්.

තිරගත වීමට පෙර සිටම ජාත්‍යන්තර සම්මාන උළෙලවල් රැසක් නියෝජනය කරමින් විදෙස් සම්මානයෙන් පිදුම් ලැබූ  "ආයු" ඔක්තෝබර් 02 සිට ප්‍රේක්ෂක ඔබට නරඹන්නට එක්විය හැකියි.

චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom