27 වන ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල ඊයේ(14), කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණා.
මෙහිදී සම්මාන ප්‍රධානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ප්‍රධාන දේශනය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා විසින් පවත්වනු ලැබිණි.
සාහිත්‍ය විෂය නවයක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමුණ අතර, මතු දැක්වෙන්නේ සම්මානිත සාතිත්‍ය කෘතීන්, ජයග්‍රාහකයන් සහ අදාළ විෂයන් පිළිබඳ විස්තර සටහනයි.
ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරන්නේ ගොඩගේ පොත් ප්‍රකාශන ආයතනය විසිනි.
සම්මානිත නවකතාව: සඳගමන - එරික් ඉලයප්පාරච්චි
සම්මානිත කෙටිකතාව: තුණ්ඩු ලියන්නා - සේපාලී මායාදුන්නේ
සම්මානිත පරිවර්තන කෘතිය: අව්‍යාජත්වයේ දේශපාලනය සහ ආලංකාරිකය - මහාචාර්ය ලියනගේ අමරකීර්ති
සම්මානිත කාව්‍ය කෘතිය: මේ වැහුණු දොර ජනෙල් කොතරම් ශෝකජනකද? - තරින්ද්‍ර ගලහේන
සම්මානිත යොවුන් නවකතාව: නිමවිය අමාවක - සාගර සිරිසූරිය
සම්මානිත තීරුලිපි සංග්‍රහය: බල්සාක් කැෆේ - මංජුල වෙඩිවර්ධන
සම්මානිත ළමා කෘතිය: ලොවි හිනාව - සංජය වික්‍රමාරච්චි
සම්මානිත ශ්‍රාස්ත්‍රීය කෘතිය (සම සම්මාන): සිංහල අක්ෂර වින්‍යාසය - ගිනිකටුවැවේ විපුල හිමි
භාෂා ජාතිකවාදය පිළිබඳ විමර්ශන - කේ. එන්. ඕ. ධර්මදාස
සම්මානිත නාට්‍යය කෘතිය: නාට්‍ය අධ්‍යක්ෂණය හා රංග කාර්යාකාර්ය - විජිත ගුණරත්න




