lan englan tam

පුවත්

“සිහින සරුංගල්" සැප්තැම්බර් 26 සිට දිවයින පුරා සිනමා ශාලාවලදී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආචාර්ය උපුල් වීරසිංහ (උපුල් මාමා) සමගින් තාරක අධිකාරි සම අධ්‍යක්ෂණයෙන් ළමා පරපුර වෙනුවෙන්ම නිර්මාණය වූ නවතම සිනමා නිර්මාණය “සිහින සරුංගල්” එළඹන සැප්තැම්බර් 26 සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිතයි.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ ,හේමසිරි ලියනගේ,රොෂාන් රණවන, ශිරෝමිකා ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර,ක්ලීටස් මෙන්ඩිස්, ආනන්ද අතුකෝරළ, ජනක රණසිංහ වැනි ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් සමඟ ප්‍රතිභාසම්පන්න ළමා නළු නිළියන් කැළක් මීට රංගනයෙන් එක් වෙනවා.

චිත්‍රපටයේ කතාවට පාදක වන්නේ මව්පියන් අහිමිව සිය සීයා සමග දිවි ගෙවන “සිතුම්” නැමැති දරුවෙකුගේ කතාවයි. යහපත් චර්යාවන්ගෙන්, උසස් පරිකල්පනයෙන් හා අධිෂ්ඨානශීලී උත්සාහවන්ත දරුවෙකු වන සිතුම්, දරිද්‍රතාවයෙන් සහ සමාජ පීඩනයෙන් බැට කමින් යහපත් අනාගතයක්  වෙනුවෙන් සිය සිය සීයාගේ ද උපදෙස් පිළිපදිමින් කටයුතු කරයි. මේ ගමනේදී සිදුවන අනපේක්ෂිත සිදු විමක් සමග චිත්‍රපටය ඉදිරියට ගමන් කරයි.

සනත් භාෂ්වර කරුණාරත්නගේ තිර රචනයක් වන “සිහින සරුංගල්” චිත්‍රපටය නවීන් රත්නායක නිෂ්පාදනයක්, රෝහණ වන්නිආරච්චි සම නිෂ්පාදනයක්.

අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලත් මෙම චිත්‍රපටය දරුවන් වෙනුවෙන්ම නිර්මාණය වූ පවුලේ සැමට නැරඹිය හැකි සිනමා නිර්මාණයකි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්.

තොරතුරු - ඇන්ටන් ජේ ප්‍රනාන්දු

 

kemadasa

shungara

Back to top
Go to bottom