lan englan tam

පුවත්

විමුක්ති ජයසුන්දරගේ ‘Spying Stars’ චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටය නිකුත් කරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට සම්මානනීය සිනමා නිර්මාණකරුවෙකු වන විමුක්ති ජයසුන්දර විසින් අධ්‍යක්ෂණය කළ‘Spying Stars’ චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටය (Trailer) නිකුත් කර තිබෙනවා.

මෙම චිත්‍රපටය හෙට(17) සිට ඇරඹෙන්නට නියමිත 30 වන ‘බූසාන්’ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ තරඟකාරී අංශය සඳහා තේරී පත්ව ඇති අතර චිත්‍රපටයේ මංගල දර්ශනය බූසාන් චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

ප්‍රංශ, ඉන්දියා, ශ්‍රී ලංකා සම-නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වූ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන මෙයට,

ඉන්දිරා තිවාරි , Hidaayath Hazeer, සෞම්‍ය ලියනගේ ,කෞශල්‍යා ප්‍රනාන්දු ,සමනලී ෆොන්සේකා, Shreepura Mithra  ඇතුලු නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වි තිබෙනවා.

චිත්‍රපටයේ කතාවට පසුබිම් වන්නේ,

යන්ත්‍ර මගින් ආධිපත්‍ය දරණ අනාගතයේ කාලයක ජීවත් වන විද්‍යාඥ වරියක් වන ආනන්දි සිය පියාගේ අවසන් කටයුතු ඉටු කිරීම සඳහා හනුමාන් නැමැති දූපතට පැමිණෙන අතර, යන්ත්‍ර ආධිපත්‍යය නිසා ඇති වන වසංගතයක් වන “Illvibe” මගින් පීඩාවට පත් වූ ඩිස්ටෝපියන් අනාගතයක පසුබිම් වූ ආනන්දි,  දුරස්ථ හෝටලයක නිරෝධායනය වී සිටින අතර එහිදී අද්භූත තාරකාවක් ඇය පසුපස එන්නට පටන්ගනී. අවසානයේ ඇය පැන ගොස් මවක් සහ ඇගේ සංක්‍රාන්ති ලිංගික දියණිය සමඟ රැකවරණය පතයි.

විමුක්ති ජයසුන්දර විසින් මීට පෙර සුළඟ එනු පිනිස, අහසින් වැටෙයි, සුළඟ ගිනි අරන් ඇතුලු සම්මානනීය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කරනු ලැබූ අතර, ඔහු විසින් 2005 වසරේ කෑන්ස්  සිනමා උළෙලේදී 'සුළඟ එනු පිණිස' චිත්‍රපටය වෙනුවෙන් Caméra d'Or සම්මානය දිනාගැනීමට ද සමත් වූවා.

මූලාශ්‍රය - variety.com

‘Spying Stars’ චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්

 

 

kemadasa

shungara

Back to top
Go to bottom